කළුතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳට ඇප

133

කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

එම සිද්ධියට අදාළ සැකකරුවන් සිව්දෙනකු ඊයේ (15දා) යළි කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ කළුතර මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ලැගුම්හලේ අයිතිකරුගේ බිරිඳ මුදාහැරීමට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මියගිය දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා ලබන 26 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර තිබේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැරිය මියයන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුළ සිටි පුද්ගලයා මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසු වෙයි.


advertistmentadvertistment