කළුතර සිසුවියගේ මරණයට අදාළව කාන්තාවක් අත්අඩංගුවට

465

කළුතර දී 05 මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි ටිහාරා නිර්මාණි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එම මහල් ගොඩනැඟිල්ල හි ඇති ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ අද පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .ඇය කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හට ඇතුළත් කරගෙන ඇති බව සඳහන් ය.ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදුනොකර බාලවයස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබාගැනීම සඳහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරියව අත්අඩංගුවට ගෙන තිබේ.


advertistmentadvertistment