ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුවැල්ල ප්‍රදේශයේදී ඊයේ (10 දා) දහවල් පාරට ගසක් කඩා වැටීම නිසා යතුරුපැදි තුනකට හානි සිදුවූ අතර ගමනාගමනයටද බාධා පැමිණ තිබිණ.
පෙරේදා (09 දා) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගස මුලින්ම ඉදිරී පාර අයිනේ නවතා තිබූ යතුරුපැදි තුනක් උඩට වැටී තිබිණ. මේ නිසා විශාල වාහන තදබදයක් පැවති අතර පසුව ගාල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ගස කපා ඉවත් කරනු ලැබීය.
මෙම ගස නගර අලංකරණය සඳහා නගර සභාව විසින් සිටුවන ලද එකකි.
අහංගම – සුගතපාල දීයගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්