කළු කොඩි විරෝධතාවට සජබ සහාය

347

පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු මහමොළකරුවන් හෙළිදරව් කරනවා වෙනුවට බලය ලබා  ගැනීමට එම ප‍්‍රහාරය ඉණිමගක් කර ගත් වත්මන් පාලකයෝ නැග්ග ඉණිමග පෙරළා දමා වෙන ගමනක් යන බව සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී.

 එබැවින් අද (21 දා) දින ආගමික භේදයකින් තොරව කළු කොඩි දමා ඊට විරෝධය පළ කිරීම සිදු කළ යුතු යැයි ද ඒ මහතා ඊයේ (20 දා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

 වසර දෙකකට පෙර සිදු වූ පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු පිරිස හෙළිදරව් කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා වහාම ආණ්ඩුවේ වගකීම් සහ වගවීම ඉටුකිරීමට බලකරමින් අතිඋතුම් කාදිනල් හිමිපාණෝ අගෝස්තු විසිඑක් වැනිදා නිහඬ කළු විරෝධතාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

 සමගි ජන බලවේගය මෙම නිහඬ කළු විරෝධතාවට පූර්ණ සහාය පළ කරන අතර මිනිසත්කමේ නාමයෙන් එයට දායක වන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු.

 පාස්කු ප‍්‍රහාරය යනු කතෝලික බැතිමතුන්ට පමණක් එල්ල වූ ප‍්‍රහාරයක් නොවේ. එය සමස්ත රටේම සාමකාමී ජන ජීවිතයට එල්ල කළ අභියෝගයකි. ඒ පිළිබඳව සාධාරණත්වය ඉටු නොවීම යනු ශී‍්‍ර ලංකාවේ ගෞරවය ජාත්‍යන්තරය තුළ පිළිගැනීම දක්වා වූ ගැටලූවකි.

 වර්තමාන ජනාධිපතිතුමා සහ ආණ්ඩුව බලය ලබා ගැනීමට මැතිවරණ වේදිකාව තුළ ප‍්‍රධාන සටන් පාඨයක් බවට පත් කර ගත්තේ ද පාස්කු ප‍්‍රහාරයයි. බලය ලබාගත් වහාම ප‍්‍රහාරයේ මහ මොළකරු කවුද යන්න හෙළිදරව් කිරීමට පියවර ගන්නා බව වත්මන් පාලකයෝ පුන පුනා සඳහන් කළහ. ජාතික ආරක්ෂාව අනතුරේ වැටී ඇති බවත් ආණ්ඩුවේ පළමු වගකීම පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් හෙළිදරව් කිරීම බවත් අවධාරණය කළේ ජනතාව තුළ විශාල අපේක්ෂා වර්ධනය කරමින්ය. ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර එක හමාරකටත් වැඩි කාලයක් අවසන් වී තිබේ. ආණ්ඩුවට ද වසරක් සම්පූර්ණ වී ඇත. නමුත් පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත.

 කාදිනල් හිමිපාණෝ වරෙක පැවසුවේ තමන් වහන්සේලා රැුවටීමකට ලක්ව ඇති බවයි. පසුගිය 19 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව වතිකානය සංවේදීව කටයුතු කරන බවයි. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ සාධාරණත්වයක් ඉටු නොවුණහොත් ජාත්‍යන්තරයට යෑමට සිදුවන බවයි. මෙය බරපතළ තත්ත්වයකි. ආණ්ඩුව රටේ ගෞරවය නොසලකා හැරීමකි. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් පවා රජය කි‍්‍රයාවට නංවා නැත. කුමන්ත‍්‍රණයේ මහමොළකරු ලෙස පසුගිය ආණ්ඩුව සමයේ අත්අඩංගුවට ගත් අයෙකු නම් කිරීමේ විහිළු සහගත උත්සාහයක ද ආණ්ඩුව නිරත විය. පසුගියදා විශ‍්‍රාම ලැබූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය පිටුපස බරපතළ කුමන්ත‍්‍රණයක් තිබෙන බවයි. එමෙන්ම පියතුමෙකු නොබෝදා කීවේ මේ පසුපස බලය ලබාගැනීමේ කුමන්ත‍්‍රණයක් තිබූ බව පැහැදිලි වන බවයි.

 මෙවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුවේ වගකීම වන්නේ පොරොන්දු වූ පරිදි තමන් බලය ලබා ගැනීමට ඉණිමගක් කරගත් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සාධාරණත්වය ඉටුකිරීමයි. නමුත් අද දකින්නට ලැබෙන්නේ නැග්ග ඉණිමඟ පෙරළා දමා යන ගමනකි.

 පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු මහමොළකරුවන් හෙළිදරව් කිරීම ඝාතනයට ලක්වූ දෙසිය හැත්තෑවට වින්දිත පවුල්වලට මෙන්ම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වූ අභියෝගයට ද සාධාරණත්වය ඉටුකිරීමක් බව සමගි ජන බලවේගය අවධාරණය කරමු.

 අගෝස්තු විසිඑක් වැනිදා ආගමික භේදයකින් තොරව නිවෙස් අබියස කළු කොඩියක් ඔසවන ලෙසටත් පෙරවරුවේ වෙළෙඳසල් වසා දමා නිහඬ කළු විරෝධතාවට එක්වන ලෙසත් අතිඋතුම් කාදිනල්තුමා විසින් කර ඇති ඉල්ලීමට දායක වන ලෙස සියලූ ජනතාවගෙන් සමගි ජන බලවේගය සාමය සංහිඳියාව අගයන පක්ෂයක් ලෙස ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment