කළු සාගරගේ කල්ලියේ මිනිස් ඝාතකයා මාට්ටු

335

මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ප‍්‍රබල පෙළේ පාතාල සාමාජිකයකු හෙරොයින් සහ අවි ආයුධත් සමඟ දකුණු පළාත් පොලිස් විශේෂ කාර්ය බළකා ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (18 වැනිදා) රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

දැනට විදේශගතව සිටින ‘කළු සාගර’ නමැති පාතාල නායකයාගේ කල්ලියේ ‘මිනිස් ඝාතකයා’ ලෙස හඳුන්වන මෙම පාතාල ප‍්‍රබලයා 41 හැවිරිදි වියේ පසුවන අයෙකි.

ඉකුත් 2004 වර්ෂයේදී වීරකැටියේ සුනිල් සහ ධර්මේ යන අය වෙඩි තබා ඝාතනය කිරීම, 2005 වර්ෂයේදී දම්පල ගජනායක සහ 2015 වර්ෂයේදී පල්ලිකුඩාවේ උක්කුවා යන අය වෙඩිතබා මරා දැමීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් සහ කඩුවක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

සැකකරු අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්. එම්. කේ. ප‍්‍රනාන්දු ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

ඇන්ටන් ප‍්‍රනාන්දු, ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment