කෆීර් අලුත්වැඩියාව ඊශ‍්‍රායලයෙන් ගලවන්න ඩයස්පෝරාව ‘ගේමක’

298

 කීර්ති වර්ණකුලසූරිය

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කෆීර් ප‍්‍රහාරක යානා නවීකරණය කිරීම සඳහා ඊශ‍්‍රායලයට ඉඩ නොදෙන ලෙස කොටි ඩයස්පෝරාව ඇමරිකාවේ කොංග‍්‍රස් මන්තී‍්‍රවරුන් වෙත දැඩි බලපෑම් එල්ල කර ඇත.
 
 මෙම කෆීර් යානා නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත් කළහොත් ද්‍රවිඩ විමුක්ති අරගලය මර්දනය වන බව කොටි ඩයස්පෝරා ප‍්‍රධානීන් සඳහන් කර තිබේ.
 
 කොටි පරාජය වූයේ කෆීර් යානා නිසා බවද එම ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් දන්වා ඇත.
 
 ශී‍්‍ර ලංකාව සතු කෆීර් යානා අලූත්වැඩියා කිරීම සඳහා රජය ඊශ‍්‍රායලය සමග ඩොලර් මිලියන 150ක ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙම කෆීර් යානාවල ඇමරිකානු නිෂ්පාදිත ජෙනරල් ඉලැක්ටි‍්‍රක් එන්ජින් සවිකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment