ක්‍රිකට්වලින් කප් ගැසුවාට පාර්ලිමේන්තුවෙන් සුබපැතුම්

149

ආසියානු ශූරතාව දිනූ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සහ වසර 27ක්ට පසුව ඉන්දියාව පරදා එක්දින තරගාවලි ජයක් ලබාගත් පිරිමි ක්‍රිකට් කණ්ඩායමට පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සුභාශිංෂණ පළ විය.

එහිදී පළවූ අදහස් මෙසේය –

විමල් වීරවංශ මහතා “අපේ රටට ආඩම්බරයක් ගෙන දෙමින් දකුණු ආසියානු වනිතා ක්‍රිකට් ශූරතාවය දිනාගත් චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුබපැතුම් පළ කිරීම අපේ යුතු කමක්. ඒ වගේම අපේ පිරිමි කණ්ඩායමට පවා ආදර්ශයක් ගැනීමට හැකි මට්ටමේ ඉහළ දක්ෂතාවයක් අපේ මාතෘභූමිය වෙනුවෙන් එම ක්‍රීඩිකාවන් පෙන්නුම් කර තිබෙනවා. ඒ අයට අපේ මන්ත්‍රීවරුන්ගේ 225දෙනාගේම සුභපැතුම් පළ කර සිටිනවා.

කථානායක – ඒ වගේම පිරිමි කණ්ඩායමත් ඊයේ විශිෂ්ඨ ජයක් ලැබුවා. ඒ අයටත් අපි සුබපතනවා. ඔයතත්ත්වය දිගටම පවත්වාගෙන යන්න කියලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment