ක්‍රිකට් ආයතනයේ නිලවරණයට කමිටුවක්

147

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙරේදා (15 වැනිදා) පැවති මහ සභා රැස්වීමේදී මෙම කමිටුව පත් කර ඇත.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීහු එහි සාමාජිකයෝ වෙති.

ක්‍රිකට් ආයතන නිලවරණය ලබන වසරේ මැයි 20 වැනි දා පැවැත්වීමට නියමිත ය.


advertistmentadvertistment