ක්‍රිකට් කරවන සියල්ලෝම භේද පසෙකලා එකතු නොවුණොත් ජනතාව ඔවුන්ට සාප කරාවි – අරවින්ද ද සිල්වා

592

ක්‍රිකට් තහනම ගැන කනගාටුයි

අයි.සී.සී. එක මගින් මේ රටේ ක්‍රිකට් තහනම් කිරීම ගැන තමා කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා ‘දිවයිනට’ ඊයේ (12 වැනිදා) පැවසීය.

දැන්වත් මෙරට ක්‍රිකට් නැංවීමට වගකිවයුතු පාර්ශ්ව එකට එකාවන්ව එකිනෙකාට චෝදනා කර නොගනිමින් එකතු විය යුතු බවත්, එසේ නොවුණහොත් ක්‍රිකට් කරවන ඇත්තවුන්ට මුළු රටේ ම ජනතාව සාප කරනු ඇති බවත් හෙතෙම කීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැන වූ තහනම ගැන විමසූ අවස්ථාවේ ඔහු එසේ කියා සිටියේය.

අපි ක්‍රීඩා කරපු කාලයේ ඉඳලම මේ රටේ ජනතාව ක්‍රිකට්වලට පුදුම ආදරයක් දැක්වූවේ. ඒ මතකයන් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒ ආපු ලංකාවේ ක්‍රිකට් අද අයි.සී.සී. එක තහනම් කරලා. මේකට හරියටම හේතු මම දන්නේ නැහැ කියන්න.

“කොහොම වුණත් රටේ ක්‍රිකට් බෝඩ් එක පිරිසිදු වෙන්න ඕන. අනිත් එක දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොර වෙන්න ඕන. එහෙම නැතුව ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන්න බැහැ. හරියට කළමනාකරණයට කරගෙන යන්න බැරිනම් ක්‍රිකට් කඩා වැටෙනවා. මේ තත්ත්වය තුළ ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා. ක්‍රිකට් මේ විදිහටම ගියොත් මුළු රටම සාප කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment