ක්‍රිකට් රැජන ඇගයේ

552

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් ඊයේ (15 වැනිදා) සංවිධානය කර තිබුණි.

එහිදී චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් එම තිළිණය චමරි අතපත්තු වෙත ප්‍රදානය කරන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ. හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සභාපති ගොඩ්ෆ්‍රි දබ්‍රේරා මහතා ද පසෙකින් වේ.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment