ක්‍රීඩා ඇමැති ඉල්ලා අස්වෙන්න හදයි

818

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ලවන චෝදනා ඔප්පු කළොත් තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ සුභ සාධනය සදහා විශාල වැය බරක් දැරීමට රජය කටයුතු කර ඇති බවත් එහිදී ජාත්‍යන්තර මට්ටමේ පරිසාධන සපුරා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60ක් තෝරාගෙන ඔවුන්ට මසකට රුපියල් 50,000 බැගින් ද තවත් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සදහා මාසයකට රහ10,000 බැගින් දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.ඔහු මේ බව සඳහන් කළේ අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදීය.


advertistmentadvertistment