අගමැතිනිය උපදෙස් දෙයි
ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් කිසිදු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
කොළඹ, මාතලේ, බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශවල අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ක් මෙලෙස කිසිදු උත්සවයක් පැවැත්වීමකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇති අතර මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදී වැඩ නිම කර ඇත.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග පැවති සාකච්ජාවකදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම උපදෙස් ලබාදී තිබේ.
එම ක්‍රීඩා මධ්‍යස්ථාන 5 ට කොළඹ හා මාතලේ ඉදිකරන ලද ඔලිම්පික් මට්ටමේ හොකී ක්‍රීඩාංගණ දෙකක්, බිංගිරිය වයඹ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය, ඕමන්තේ වව්නියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය හා ඕමන්තයේ වව්නියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ බහු ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළත්ය.
දිවයින පුරා සිටින පාසල් සිසුන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කඩිනමින් මෙම ක්‍රීඩා මධ්‍යස්ථානයන්හි පහසුකම් භුක්ති විඳීමට අවස්ථාව ලබාදෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර ඇත.
එමෙන්ම රජය විසින් ඊට ආයෝජනය කර ඇති සැලකිය යුතු රාජ්‍ය අරමුදල් හඳුනාගනිමින් මෙම පහසුකම් ඉහළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යෑමට සහ අනාගත පරපුරට ඒවා සුරක්ෂිත කිරීමට සහය වන ලෙස එම දෙපාර්තමේන්තුව ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.