ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් වංචා කරන ව්‍යාජ තැපෑලට හසු නොවන්න

118

තැපැල්පති කියයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් වංචා කිරීම් සිදුවන බවට තැපැල් දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතින බවත් එයට හසු නොවන ලෙසත් තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී. සරත් කුමාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කෙටි පණිවුඩයක් මගින් ඇනවුම් කරන ලද පාර්සලය ලබා ගැනීම සඳහා සුළු ගෙවීමක් කරන ලෙස ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවුඩයක් අනුව කටයුතු කිරීමට සලස්වා අවශ්‍ය තොරතුරු ලබාගෙන අදාළ පුද්ගලයාගේ ගිණුමෙන් මුදල් ලබා ගන්නා බව පෙනී ගොස් ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කිසිදු ආකාරයෙන් ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදයක් සකසා නැතැයි ද තැපැල්පති සරත් කුමාර මහතා පැවසීය.

එහෙයින් මෙම ජාවාරමට හසුනොවන ලෙසත්, එවැනි කෙටි පණිවුඩයක් ලැබුණහොත් ඒ ගැන පැහැදිලි කර ගැනීමට දෙපාර්තමේන්තුවේ 1950 අංකයෙන් විමසන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment