කාච ඇසට හසු වූ ෆොටෝජෙනික් අයින්ස්ටයින්…

309

”ඇල්බට්… උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. ලෝකයක් දකින්න බැරි කම්මැලි මෝඩයා” ඒ ජර්මනියේ ලූයිපෝල් ප‍්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමරයක මුල්ලකට වෙලා කිසිම අවධානයකින් තොරව වහල දෙස බලාගෙන, බර කල්පනාවක සිටි පුංචි කොලූ ගැටයකුට පන්තිභාර ගුරුවරයා විසින් මන්තරයක් මෙන් මතුරමින් පැවසූ අනාවැකියකි. ඊට වසර ගණනාවකට පසු ගුරුතුමා පළ කළ අනාවැකිය සාර්ථක ලෙස සාවද්‍ය කළ මොහු 20 වැනි සියවසේ ලොව පහළ වූ මහා ප‍්‍රාඥයා බවට පත් විය. ඒ අන් කවරෙකුත් නොව භෞතික විද්‍යාවේ වඩාත් ජනප‍්‍රියම ශක්ති සමීකරණය වන, E}mc2
  හඳුන්වාදුන් සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් ය. ප‍්‍රකාශ විද්‍යුත් ආචරණය සොයා ගැනීම සඳහා වන නොබෙල් ත්‍යාගය පවා දිනා ගන්නා මොහු සම්බන්ධව ලෝකයේ අවධානය යොමු වීමට හේතු වූයේ ඔහුගේ අසහාය බුද්ධිය පමණක් නොව ඡුායාරූප ශිල්පීන්ගේ කාච ඇසට හසු වූ මොහුගේ විවිධ සේයාරූ සහ එම සේයාරූ යටින් දිවෙන කතන්දර ද හේතුවක් විය.

 ඇල්බට් අයින්ස්ටයින්ගේ ඡුායාරූප අතරින් අදටත් වඩාත් ජනප‍්‍රිය සහ අවධානයට ලක් වන ඡුායාරූපයක් වන්නේ ලෝකයාගේ ඇස බුද්ධිමත්කමේ ප‍්‍රතිමූර්තියක් ලෙස හඳුනාගන්නා ඔහු උන්මත්තකයකුගේ විලාසයෙන් දිව දික්කොට විසුළු පෙනුමකින් සිටින සේයාරුව යි. මේ සේයාරුව පසුපස පවතින්නේ රසවත් ඉතිහාස කතන්දරයකි. මෙහි ඇති සුවිශේෂීම කාරණාව වන්නේ මෙම විසුළු මුහුණ සහිත ඡුායාරූපය අහම්බයෙන් හෝ නොදැනුවත්ව කැමරා ශිල්පියකු විසින් හසු කරගත් ඡුායාරූපයක් නොවීම සහ අයින්ස්ටයින් විසින් එම ඉරියව්ව ලබා දෙන්නේ හිතා මතා ඡුායාරූප ශිල්පීන් සඳහාම වීමයි.

 එදින මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් තම 72 ජන්ම දින සැමරුමට සහභාගී වී ප‍්‍රින්සෙන්ටන් සරසවියෙන් බැහැරව යමින් සිටින අතරතුර මී මැසි පොදියක් මෙන් ඔහුව වට කරගත් ඡායාරූප ශිල්පීන් නොනවත්වා ම ඔහුගේ ඡුායාරූප ලබා ගන්නට විය. ඇත්තෙන් ම අයින්ස්ටයින්ට එදින පැවැත් වූ සාදයේ දී අමුත්තන් සමග මඳසිනා පාමින් අතොරක් නැතිව සිදු කළ කතාබස්වලින් ඔහු සිටියේ ඉතාමත් වෙහෙසකාරී මානසිකත්වයකිනි. ප‍්‍රින්සෙන්ට් සරසවියේ උසස් අධ්‍යාපනය පිළිබඳ අංශයේ හිටපු ප‍්‍රධානියා වුණු ආචාර්ය ෆ‍්‍රෑන්ක් අඩියොට් සහ ඔහුගේ භාර්යාව වන මරී ජෙනට් අතර අසුන් ගෙන සිටි අයින්ස්ටයින් මේ අවස්ථාවේ සිටියේ පිටත රැුස් කන මාධ්‍යවේදීන්ට හෝ ඡුායාරූප ශිල්පීන් සමග සුහද කතා බහක නිරත විය හැකි මනෝභාවයක ද නොවේ. එබැවින් ”දැන් ඇති!” යැයි ඔහු ඔවුන් වෙත හැරී පැවසූ බවට පැවසුවත් ඔවුන් එයට ඇහුම්කන් නොදී දිගින් දිගටම ඡුායාරූප ගත් බැවින් මඳක් කෝප වූ අයින්ස්ටයින් එකවරම ඡුායාරූප ශිල්පීන් දෙස බලා දිව දිගු කළ, එසැණින් ඉවත හැරුණි. UPI පුවත් සේවයේ ආතර් සාසේ (Arthur Sasse) එසැණින් ම එම නිමේෂය තම කාච ඇසේ රඳවා ගැනීමට සමත් විය.

 පසුදින තමාගේ විසුළු ඡුායාරූපය පුවත්පත්වල පළ වී තිබෙනු දුටු අයින්ස්ටයින් කෝපයට පත් නොවී එය කදිම විහිළුවක් බවට හරවා ගත්තේ, UPI පුවත් සේවයට ඇමතුමක් ගෙන, එම ඡුායාරූපයෙන් පිටපත් 9 ක් ද ඉල්ලා සිටිමිනි. ඒ,සුබපැතුම් පත් වශයෙන් තම මිතුරන් වෙත තැපෑලෙන් යැවීමටය.

 1951 වසරේ මාර්තු 14 වනදා ගනු ලැබූ මෙම ඡුායාරූපය Wacky Einstein Tongue Photo “A Timeless Tongue යනාදී නම් ගණනාවකින් හැඳින්වේ. එමෙන් ම ”20 වන සියවසේ පුද්ගලයෙකු පිළිබඳව ගනු ලැබූ හොඳම පුවත්පත් ඡුායාරූපවලින් එකක් ලෙස (One of the best known press photographs of any 20th century
 personality)  මෙම සේයාරූව සැලකේ.

 එදා පටන් අඩ සියවසක කාලයක් ඉක්ම ගියද මෙම ඡුායාපරූයේ ජනප‍්‍රියත්වයේ අඩුවක් නම් වී නැත. සමාජ ජාලාවල සැරිසරන ඔබෙත් මගෙත් ඇසට වඩාත් හුරුපුරුදු මීම් රූපයන් ට මෙම ඡායාරූපය යොදා ගැනීම එයට කදිම සාක්ෂියකි. අද වන විට ඉතා විශාල මිලක් මෙම ඡුායාරූපයට නියම වන අතර 2017 වසරේ මෙම එක් ඡුායාරූපයක් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසකට වෙන්දේසි විය.

 නෙතුනි බටදූව ආරච්චි
 ජනමාධ්‍ය අධ්‍යයනාංශය
 ශ‍්‍රී පාලි මණ්ඩපය
 කොළඹ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment