කාටූන් කියැවීම; පාකිස්තානයේ අභිමානවත් සංකේතයක් වූ අබ්දුල් කදීර් ඛාන්

115

පාකිස්තානයේ න්‍යෂ්ටික අවියේ පියා ලෙස සැලකෙන අබ්දුල් කදීර් ඛාන් (Abdul Qadeer Khan) 1936 අපේ‍්‍රල් 1 වැනි දින ඉන්දියාවේ බෝපාල් හිදී උපත ලැබීය. ඔහුගේ පියා අබ්දුල් ගෆූර් – අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ පාසල් ගුරුවරයකි. මව සුලේඛා – ඉතා ආගමික මානසිකත්වයක් ඇති ගෘහණියක් විය. මෙම පවුල පැෂ්ටුන් Pashtuns සම්භවයක් ඇති පාකිස්තානු ජාතිකයන් ය. ඛාන් ගේ පවුලේ වැඩිමහල් සහෝදර සහෝරියන් සහ අනෙකුත් පවුලේ සාමාජිකයන් ද ඉන්දියාවේ ලේ වැකි බෙදීමේදී 1947 දී පාකිස්තානයට සංක‍්‍රමණය වී ඇත.

1952 දී ඛාන්, බෝපාල්හි ප‍්‍රාදේශීය පාසලකින් මෙටි‍්‍රක් උපාධිය ලැබීමෙන් පසු 1952 දී ඉන්දියාවේ සිට පාකිස්තානයට ‘‘සින්ද්මේල්’’ දුම්රියෙන් සංක‍්‍රමණය විය. 1956 දී ඔහු කරච්චි විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධිය (BSC‍) ලබාගත්තේය. 1956 සිට 1959 දක්වා ඛාන් කරච්චි මෙට්‍රොපොලිටන් කෝපරේෂන් හි (නගර ආණ්ඩුව) බර සහ මිණුම් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ අතර, 1961 දී ඔහු අධ්‍යාපනය සඳහා බටහිර ජර්මනියට ශිෂ්‍යත්වයක් ලබා ගියේ ලෝහ පාඨමාලාවක් හැදෑරීම සඳහා ය. ඉන්පසු ඛාන් 1965 දී නෙදර්ලන්තයට ගොස් එහි ඩෙල්ෆ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරීය.

1962 දී ඛාන් හේග් නුවර නිවාඩුවක් ගතකරමින් සිටිය දී දකුණු අපි‍්‍රකාවේ කුඩාකල සිට ම වාසයකරමින් සිට, හේග් වෙත දෙමාපියන් සමග පැමිණි ලන්දේසි ජාතික ‘‘හෙනී’’ (Henny) හමුවිය. 1963 දී ඛාන් හේග් හී පාකිස්තාන තානාපති කාර්යාලයේ පැවැති චාම් මුස්ලිම් උත්සවයකදී හෙනී සමග විවාහ විය. ඛාන් සහ හෙනීට ඞීනා සහ අයේෂා නමින් දියණියන් දෙදෙනෙකි. 1972 දී ඛාන් ලෝහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ Deng උපාධියක් ලබාගත්තේය. ඔහුගේ නිබන්ධනයේ මූලිකව තිබුණේ Martensite සහ Graphene Morphology ය. 1972 දී ඔහු ඇම්ස්ටර්ඩ‍්‍රෑම් හි පිහිටි ඉංජිනේරු ආයතනයක්වන භෞතික විද්‍යා ගණික පර්යේෂණ රසායනාගාරයට (FDO) වෙත සම්බන්ධ විය.

(FDO = Dynamics Research Laboratory) ලන්දේසි භාෂාවෙන් කෙටිනම FDO එය නෙදර්ලන්තයේ න්‍යෂ්ටික බලාගාරයකි. ඔහුට එහිදී ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණික තනතුරක් පිරිනැමුවත් ඔහු FDO හැර ගියේය.

කාටූන් කියැවීම; පාකිස්තානයේ අභිමානවත් සංකේතයක් වූ අබ්දුල් කදීර් ඛාන්
1. ඛාන් සහ න්‍යෂ්ටික අවි

1974 මැයි මාසයේදී ඉන්දියාව රාජස්තාන් කාන්තාරයේදී ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම සිදුකරන ලදි. එය සාර්ථක විය. මේ ගැන දැනගත් අබ්දුල් කදීර් ඛාන් පරමාණු බෝම්බයක් තැනීමේ ප‍්‍රයත්නයට දායක වීමට කැමැති වී හේග් හී පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් හමුවී තාක්‍ෂණික සහාය දීමට කැමැති බව ප‍්‍රකාශ කළ නමුත් නිලධාරීන් එය අමාරු වැඩක් බව කියා ඔහුව අධෛර්යමත් කළේය. 1974 සැප්තැම්බර් මාසයේදී ඛාන් හේග් හී පාකිස්තාන තානාපතිවරයා හරහා පාකිස්තානයේ අගමැති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කළේය. ඔහුගේ ලිපිය කියවීමෙන් පසු අගමැති සුල්ෆිකාර් අලි භූතෝ ඔහුගේ හමුදා ලේකම්වරයා ලවා ඒ වනවිට නොහඳුනන ඛාන් ගැන රහසිගත ආරක්‍ෂක පරීක්‍ෂණයක් සිදුකළ අතර බෂිරුදීන් මහමුද් යටතේ කණ්ඩායමක් යැවීමට PAEC (PAEC‍ යනු පාකිස්තාන පරමාණුක බලශක්ති කොමිසමයි) වෙතින් ඉල්ලා සිටියේය. ඉන්පසු අලි භූතෝ ඉස්ලාම්බාද්වලදී තමා හමුවන ලෙසට ඛාන්ගේ නෙදර්ලන්තයේ අල්මෙලෝහී නිවසට ලිපියක් යොමු කළේය. 1974 දෙසැම්බරයේදී ඛාන් අගමැති ලේකම්කාර්යාලයේදී අලි භූතෝ අගමැතිව හමුවී න්‍යෂ්ටික අවි තැනීමට අවශ්‍ය අතිශයින් පොහොසත් යුරේනියම්වල වැදගත්කම ගැන පැහැදිලි කිරීමක් කළේය. ඊළඟ දවසේ ඛාන්, මුනීර් අහමඞ් හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හමුවූ අතර එහිදී ඔහු ආයුධ ශ්‍රේණියේ ප්ලූටෝනියම්වලට එරෙහිව ඉතා පොහොසත් යුරේනියම් (Highly Enriched Uranium – HEU) නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡුාවකට අවධානය යොමු කළේය. පසුව තාක්‍ෂණය ගැන වැඩිදුර ඉගෙන ගැනීමට නෙදර්ලන්තයේ රැඳී සිටින ලෙසට භූතෝ පරිපාලනයේ නිලධාරීන් කිහිපදෙනෙක් විසින් ඛාන්ට උපදෙස් දෙන ලද නමුත් මහමුද් විසින් මෙහෙයවන ලද Project – 706 වැඩසටහන පිළිබඳ උපදෙස් දිගට ම ලබාදෙන ලදි.

1975 දී ඛාන් පාකිස්තානයට පැමිණ 1976 අපේ‍්‍රල් මාසයේදී පාකිස්තානු පරමාණු බෝම්බ වැඩසටහනට එක් විය. න්‍යෂ්ටික අවි පර්යේෂණ සහ නිෂ්පාදනය කිරීම සඳහා ඔහු යටතේ වැඩකළ PAEC හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් ඔහුව සිහිපත් කරන්නේ විද්‍යාත්මක ජයග‍්‍රහණ ඉහළම තලයකට නැංවීමට සහාය ලබාදුන් අභිමානවත් සැහැල්ලූ චරිතයක් ලෙසය. බෝම්බ වැඩසටහනේ කාලය අතරතුර ඛාන් Balancing of Rotating Masses, Analytical Mechanics, සහ Rigor පිළිබඳ ලිපි ලේඛන ප‍්‍රකාශයට පත්කළේය. ඛාන් භෞතික විද්‍යාව පිළිබඳ මුනීර් ඛාන් ගේ පර්යේෂණවල දැඩි විවේචකයකු බවට පත්වූ අතර, පරමාණු බෝම්බ ව්‍යාපෘතිවල මුනීර් ඛාන්ගේ භූමිකාව හෑල්ලූ කිරීමට බොහෝ අවස්ථාවලදී අසාර්ථක උත්සාහයක් ගත්තේය. ඔවුන්ගේ විද්‍යාත්මක එදිරිවාදිකම් වසර ගණනාවක් පුරා රට තුළ පැවැති අතර භෞතික විද්‍යා ප‍්‍රජාව සහ සම්මන්ත‍්‍රණ තුළ ප‍්‍රසිද්ධ වූ අතර එය පුළුල් ලෙස ජනපි‍්‍රය විය.

කාටූන් කියැවීම; පාකිස්තානයේ අභිමානවත් සංකේතයක් වූ අබ්දුල් කදීර් ඛාන්
2. මාරයාගේ කී‍්‍රඩාව

ඛාන් යුරෙන්කෝ සමූහයෙන් (Urenco යනු බි‍්‍රතාන්‍යයේ න්‍යෂ්ටික ඉන්ධන සමාගමකි. ලොව පුරා එහි ශාඛා ඇත.) කේන්ද්‍රාපසාරී සැලසුම් සොරකම් කළේය. කෙසේ වෙතත් ඒවා බරපතළ තාක්‍ෂණික දෝෂයන්ගෙන් පැටලී ඇති අතර, ඔහු විශ්ලේෂණය සඳහා සමහර සංචරක මිලදී ගත් අතර ඒවා කැඞීබිඳී ගිය කෑලි විය. කේන්ද්‍රාපසාරී (Centrifuge – කේන්ද්‍රාපසාරී යනු කේන්ද්‍රයෙන් බැහැරට විසිවී යන / කේන්ද්‍රයෙන් ඉවතට තල්ලූවන) ඉක්මනින් එකලස් කිරීම සඳහා ඒවා නිශ්ඵල විය. න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීම සඳහා PACE ගත් උත්සාහයන් ද ඛාන් දැඩි ලෙස විවේචනය කළේය. ඔහු තුවක්කු ආකාරයේ විඛණ්ඩන ආයුධ සඳහා ප‍්‍රභල උපදේශන ලබා දුන්නේය. අවසානයේ ඔහු ඒවා බලශක්ති අමාත්‍යාංශය (MOE) සහ ආරක්‍ෂක අමාත්‍යාංශය (MOD) වෙත ඉදිරිපත් කළේය. පාකිස්තාන් රජය විසින් අබ්දුල් ඛාන්ව තම ජාතියේ පළමු න්‍යෂ්ටික අවි පරීක්‍ෂා කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධානියා ලෙස තෝරා ගත්තේය.

ජාතියේ ප‍්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම 1998 මැයි 28 වැනිදා ‘‘චාගායි – 1’’ නමින් සිදුකරන ලද්දේය. එය භූගතව කරන ලද පර්යේෂණයකි. එය තාප න්‍යෂ්ටික අවියක්වන අතර පළමු පරම්පරාවේ පරමාණු බෝම්බවලට වඩා විශාල විනාශකාරී බලයක් ඇති ගිනි අවියකි. ‘‘චගායි 1’’ එය යුරේනියම් සහ ප්ලූටෝනියම් මගින් කි‍්‍රයා කරයි. ඔහු හයිඩ‍්‍රජන් බෝම්බය සඳහා තාප න්‍යෂ්ටික ආයුධය මත (Thermonuclear Weapon) වැඩකිරීමට උත්සාහ කළ නමුත් අවම විශ්වාසනීය වැළැක්වීමේ රජයේ ප‍්‍රතිපත්තියට පටහැනි බැවින් හමුදා මූලෝපාඥයන් එම අදහසට විරුද්ධ විය. ඛාන් බොහෝවිට න්‍යායිකව සිත්ගන්නා නමුත් ප‍්‍රායෝගිකව කළ නොහැකි ව්‍යාපෘතිවල නිරත විය.

1979 දී නෙර්ලන්ත රජය න්‍යෂ්ටික ඔත්තු බැලීමේ සැකය මත ඛාන්ව විමර්ශනය කළ නමුත් සාක්‍ෂි නොමැතිකම හේතුවෙන් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුවේ නැත. නමුත් ඔහුට එරෙහිව ඇම්ස්ටර්ඩෑම් හි ප‍්‍රාදේශීය අධිකරණයට අපරාධ පැමිණිල්ලක් ගොනු කළ අතර එය 1985 දී ඔහුට නොපැමිණීමේ නඩු විභාගය (Trial in Absentia) මගින් සිර දඬුවමක් නියම කරන ලදී. දඬුවම දැනගත් ඛාන්, ලූවන් වශ්වවිද්‍යාලයේ පරිපාලනය සමග එක්වී ඔහුගේ නීතිඥ එස්. එම්. සෆාර් හරහා අභියාචනයක් ගොනු කළේය. ඛාන් විසින් ලබාගත් තාක්‍ෂණික තොරතුරු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයන් සහ ආචාර්යවරුන් විසින් භෞතික විද්‍යාවේදී සාමාන්‍යයෙන් සොයාගෙන උගන්වනු ලබන දේ බවට සාර්ථකව තර්ක කළේය. නීතිමය තාක්‍ෂණයක් මත ඔහුගේ දඬුවම අවලංගු කිරීමෙන් අධිකරණය ඛාන්ව නිදහස් කළේය. ඔත්තු බැලීමේ සැකයට ප‍්‍රතිචාර දක්වමින් ඛාන් අවධාරණය කර ප‍්‍රකාශ කළේ…. ‘‘ඒ වනවිට KRL හි අපට ම කියා පුස්තකාලයක් නොතිබූ නිසා මම එය ඉල්ලා සිටියෙමි. සියලූ පර්යේෂණ කටයුතු අපගේ නව්‍යකරණයේ සහ අරගලයේ ප‍්‍රතිඵලයන්ය. අපට පිටරටින් කිසිම තාක්‍ෂණික දැනුමක් ලැබී නැත. නමුත් මේ සම්බන්ධයෙන් පොත්, සඟරා සහ පර්යේෂණ පත‍්‍රිකා භාවිතය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි ය.’’

කාටූන් කියැවීම; පාකිස්තානයේ අභිමානවත් සංකේතයක් වූ අබ්දුල් කදීර් ඛාන්
3. න්‍යෂ්ටික අවියේ ප‍්‍රයෝජනය

ඛාන් 1970 ගණන්වලදී යුරෙන්කෝ සමූහ ව්‍යාපාරයේ සේවය කළ කාලයේ සිට ම තවමත් කේන්ද්‍රාපසාරී සැලසුම් ඔහු සතුව තිබුණ ද කේන්ද්‍රාපසාරීවල නව්‍යකරණය සහ වැඩිදියුණු කරන ලද සැලසුම් පාකිස්තාන රජය විසින් අපනයන සීමා කිරීම් සඳහා වර්ගීකරණය කර ඇත. 1990 දී රොකට් එන්ජින් වෙනුවට උතුරු කොරියාවට ඉතා සංවේදී තොරතුරු අපනයනය කරන බවට එක්සත් ජනපදය චෝදනා කළේය. අවස්ථා කිහිපයකදීම ඛාන්, බෙනාසීර් භූතෝගේ පරිපාලනයට එරෙහිව, උතුරු කොරියාවට සංයුක්ත තැටියකින් (CD) රහසිගත තොරතුරු සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේය. මෙම චෝදනා බෙනාසීර් භූතෝගේ කාර්යමණ්ඩලය සහ හමුදා නිලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂේප කළේය.

1987 සහ 1989 අතර ඛාන්, පාකිස්තාන රජයට නොදන්වා කේන්ද්‍රාපසාරී පිළිබඳ දැනුම ඉරානයට රහසිගතව ලබාදුන්නේය. මෙම ප‍්‍රශ්නය දේශපාලන මතභේදයට තුඩු දී ඇත. IAEA පරීක්‍ෂකයන් (IAEA අන්තර් ජාතික න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය International Atomic Energy Agency) 1989 දී විදේශීය අතරමැදියකු ගෙන් ලබාගත් P-1 වර්ග ලෙස කේන්ද්‍රාපසාරී හඳුනාගෙන ඇත. ඉරාන සාකච්ඡාකරුවන් ඔවුන්ගේ සැපයුම් කරුවන්ගේ නම් පෙරළා දැමූ අතර, ඔවුන්ගෙන් කෙනෙකු ලෙස ඛාන් හඳුනා ගන්නා ලදී. 2003 දී ලිබියාව, ඉරානය සහ ලිබියාව සම්බාධක පනත මගින් කි‍්‍රයාත්මක කරන ලද ආර්ථික සම්බාධක ඉවත් කිරීම සඳහා එහි න්‍යෂ්ටික වැඩසටහන ආපසු හැරවීමට එක්සත් ජනපදය සමග සාකච්ඡා කර ඇමෙරිකානු පර්යේෂකයන් විසින් P-1 මාදිලි ලෙස හඳුනාගෙන ඇති කේන්ද්‍රාපසාරී එක්සත් ජනපදයට නැව්ගත කරන ලදී. අවසානයේදී බුෂ් පරිපාලනය ලිබියාව තම සැපයුම්කරුවන්ගේ ලැයිස්තුවක් භාරදුන් විට, ඔහුගේ පෞද්ගලික චරිතය කෙරෙහි අවධානය යොමු කරමින් ඛාන් පිළිබඳව විමර්ශන ආරම්භ කළේය.

2001 සිට ඛාන්, මුෂාරෆ් පරිපාලනයේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ උපදේශකයෙකු ලෙස සේවය කළ අතර ඔහුගේ රටේ දේශපාලන ගතානුගතික ක්ෂේත‍්‍රයෙන් විශාල සහයෝගයක් ලබාගත් ප‍්‍රසිද්ධ චරිතයක් බවට පත්වී ඇත. 2003 දී බූෂ් පරිපාලනය (ඇමෙරිකා ජනපති) න්‍යෂ්ටික ප‍්‍රගුණන ජාලයක් පිළිබඳ සාක්ෂි මුෂාරෆ් පරිපාලනයට ඛාන්ගේ භූමිකාව යොමු කළ බවට වාර්තා විය. ඛාන් 2004 ජනවාරි 31 වන දින ඔහුගේ තනතුරෙන් නෙරපා හරින ලදී. 2004 පෙබරවාරි 4 වැනිදා ඛාන් පාකිස්තානු රූපවාහිනියේ (PTV) පෙනී සිටි අතර, 1989 සහ 1991 අතර කාලය තුළ ප‍්‍රගුණනය කිරීමේ වළල්ලක් පවත්වාගෙන යෑම සඳහා තාක්ෂණය ඉරානයට සහ උතුරු කොරියාවට මාරු කළ බවට පාපොච්චාරණය කළේය. 1991 සහ 1997 අතර ලිබියාවටත්. මුෂාරෆ් පරිපාලනය ඛාන් අත්අඩංගුවට ගැනීම වැළැක්වූ නමුත් ඉරානයට තාක්ෂණය මාරු කිරීම සඳහා හිටපු හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් මීර්සා අස්ලාම් බෙග් අවසර ලබාදී ඇති බව හමුදා විමර්ශකයන්ට පාපොච්චාරණය කළ ඛාන් සම්බන්ධයෙන් ආරක්ෂක නඩු විභාග ආරම්භ කළේය.

2004 පෙබරවාරි 5 වන දින ජනාධිපති පර්වේස් මුෂාරෆ්, ඛාන්ට සමාවක් නිකුත් කළේ ඔහුගේ දේශපාලන ප‍්‍රතිවාදීන් විසින් මෙම ප‍්‍රශ්නය දේශපාලනීකරණය කරනු ඇතැයි යන බිය නිසාය. ප‍්‍රාදේශීය රූපවාහිනී ප‍්‍රවෘත්ති මාධ්‍ය ඛාන් පිළිබඳව සානුකම්පිත වාර්තා චිත‍්‍රපට විකාශනය කළ අතර, රටේ විරුද්ධ පක්ෂ ඉස්ලාම්බාද්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට දැඩි විරෝධයක් ද දැක්වීය. 2006 දෙසැම්බරයේදී හාන්ස් බ්ලික්ස්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘‘මහා විනාශ කිරීමේ අවි කොමිසම’’(Weapons of Mass Destruction Commission- WMDC‍) ප‍්‍රකාශ කළේ පාකිස්තාන රජය දැනුවත් කිරීමකින් තොරව ඛාන්ට තනිවම කි‍්‍රයා කළ නොහැකි බවයි.

කාටූන් කියැවීම; පාකිස්තානයේ අභිමානවත් සංකේතයක් වූ අබ්දුල් කදීර් ඛාන්
4. මුෂාරෆ්ගේ සහාය

2007 දී එක්සත් ජනපද හා යුරෝපීය කොමිසමේ දේශපාලනඥයන් මෙන්ම IAEA නිලධාරීන් ද, ඛාන් IAEA විමර්ශකයින් විසින් ප‍්‍රශ්න කරන ලෙස ප‍්‍රබල ඇමතුම් කිහිපයක් ලබාදී ඇති අතර, පාකිස්තානය විසින් කරන ලද හෙළිදරව් කිරීම් පිළිබඳ කල් පවතින සැකයන් සැලකිල්ලට ගත් නමුත් අගමැති ෂවුකට් අසීස් ඛාන්ට සහාය වෙමින් සිටියේය. ඛාන් ගැන ඉහළින් කතා කළේය. ‘‘නඩුව වසා ඇත’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් ඇමතුම් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළේය. 2008 දී සභාපති ඒකාබද්ධ ප‍්‍රධානී ජෙනරාල් තාරික් මජිඞ් විසින් ආරක්ෂක නඩු විභාගය නිල වශයෙන් අවසන් කළේය. 2007 දී අගමැති ෂවුකට් අසීස් විසින් ඛාන්ට රාජ්‍ය රූපවාහිනියේ උපහාර පුදකර ඔහුගේ කතාව අවසානයේදී සඳහන් කළේ න්‍යෂ්ටික විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කදීර් ඛාන්ගේ සේවය රටට අමතක නොවන බවය’’ 1990 ගණන්වලදී ඛාන් පාකිස්තාන විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වය ලබා ගත්තේය. 1996 සිට 1997 දක්වා එහි සභාපති විය. ඛාන් ද්‍රව්‍ය විද්‍යාව පිළිබඳ පොත් දෙකක් ප‍්‍රකාශයට පත් කළ අතර 1980 ගණන්වල සිට KPL වෙතින් ඔහුගේ ලිපි ප‍්‍රකාශයට පත් කිරීම ආරම්භ කර තිබුණි. ඉන්දීය ලෝහ විද්‍යාඥයකු වූ ‘‘කුල්දිප් නායර්’’ ඛාන්ගේ සම්මන්ත‍්‍රණයකට සහභාගි වූ අතර කුල්දිප් ප‍්‍රකාශ කළේ… ‘‘ඛාන් පාකිස්තානයේ විද්‍යාඥයින් ලෝකයේ කිසිවෙකුටත් වඩා පහත් නොවන බව ලොවට පෙන්වීමට අවශ්‍ය වු සාඩම්බර පාකිස්තානුවෙක්’’ බවයි. ඛාන් ‘‘ගුලාම් ඉෂාක් ඛාන් ඉංජිනේරු විද්‍යාඥ හා තාක්ෂණ ආයතනයේ’’ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස ද සේවය කළ අතර, පීඨයට බැඳීමට පෙර භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද කෙටි කලක් සේවය කළේය. එහිදී ඔහු 2021 දී මිය යන තුරුම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රැුඳී සිටියේය. ඛාන් කරච්චි විශ්වවිද්‍යාලයේ ‘‘AQ – ඛාන් ජෛව තාක්ෂණ ජාන ඉංජිනේරු ආයතනය’’ පිහිටුවීමට උදව් කළේය. ඛාන් ඉන්දියානු මිසයිල වැඩසටහනෙන් ඇතිවිය හැකි තර්ජනවලට මුහුණදීම සඳහා තම ජාතියේ මිසයිල වැඩසටහන සඳහා ආරක්ෂක වියදම් වැඩි කළ අතර අභ්‍යවකාශ ප‍්‍රතිපත්තිය පිළිබඳව මුෂාරෆ් පරිපාලනයට උපදෙස් දුන්නේය. ඔහු ‘‘චවුරි’’ Chauri) මිසයිල භාවිතා කිරීමේ අදහස ඉදිරිපත් කළේය.

2021 අගෝස්තු මාසයේදී COVID – 19 රෝගය වැළඳීම නිසා ඛාන් පර්යේෂණ රසායනාගාර රෝහලට ඇතුළත් කරන ලදී. පෙනහළු ආබාධ සහිතව ඉස්ලාම්බාද්හි රෝහලකට මාරු කිරීමෙන් පසු අබ්දුල් කදීර් ඛාන් වයස අවුරුදු 85 දී 2021 ඔක්තෝබර් 10 වන දින මිය ගියේය. රාජ්‍ය අවමංගල්‍ය උත්සවයකින් පසු ඔහුගේ දේහය ඉස්ලාම්බාද්හි H-8 සොහොන් බිමේ තැන්පත් කරන ලදී. ඛාන් ජනපි‍්‍රය මහජන චරිතයක් වූ අතර ඔහු ජාතික වීරයෙකු ලෙස දකින පාකිස්තානයේ බොහෝ දෙනෙකු සමග ජාතික අභිමානයේ සංකේතයක් ලෙස සිටියේය. ඛාන්ට ෆෙඩරල් රජය සහ පාකිස්තානයේ විශ්වවිද්‍යාලයන් විසින් බොහෝ පදක්කම් හා ගෞරව සම්මාන ප‍්‍රදානය කර ඇති අතර නිෂාන්-ඊ-ඉමිටියාස් සම්මානයෙන් දෙවරක් ගෞරව ලැබූ පාකිස්තානයේ එකම පුරවැසියා ද විය.

අබ්දුල් කදීර් ඛාන් සහ ඔහුගේ න්‍යෂ්ටික අවි පිළිබඳව අඳින ලද කාටූන් කිහිපයකි මේ.

  1. බොබ් රෝ (Bob Row) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ අබ්දුල් කදීර් ඛාන් සම්මන්ත‍්‍රණයකදී පේ‍්‍රක්ෂකයින් අමතන ආකාරයකි. ඔහුගේ දෙපැත්තේ ඇත්තේ ඛාන් විසින් නිෂ්පාදනය කිරීමට දායක වූ න්‍යෂ්ටික අවියේ අනුරූ දෙකකි. ඛාන් එම අවි ජනතාවට පළමුවරට ප‍්‍රදර්ශනය කරන ආකාරය කාටූනයෙන් පෙන්වාදී ඇත.
  2. කාටූනයේ දැක්වෙන්නේ මාරයා විසින් ඉන්දියාවත්, පාකිස්තානයත් නිපදවන ලද න්‍යෂ්ටික අවි (පරමාණු බෝම්බ) දෙකක් යෝයෝ කී‍්‍රඩාව කරන ආකාරයට උඩට – පහළට – වටේට භ‍්‍රමණය කරමින් සිටින ආකාරයයි. මෙම කාටූනය සැක් (Sack) නම් කාටූන් ශිල්පියාගේ නිර්මාණයකි.
  3. කාටූනයේ දැක්වෙන්නේ පාකිස්තානය විසින් නිපදවන ලද න්‍යෂ්ටික අවියක් කරේ තබාගෙන යන මිනිසෙකි. අවියේ දෙපැත්තේ ලන්තෑරුමක් හා බාල්දියක් එල්ලා ඇත. ඔහු එම අවිය ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ එම භාණ්ඩ ගෙන යෑමටය. යුද්ධ නැති විටකදී අවියකින් ඇති ප‍්‍රයෝජනය මෙය බව කාටූන් ශිල්පියා පෙන්වා දෙයි.
  4. සහෝර් (Zahoor) නම් කාටූන් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ ඛාන් විසින් නිර්මාණය කරන ලද න්‍යෂ්ටික අවිය කාන්තාර ප‍්‍රදේශයකදී අත්හදා බැලීම සඳහා තබා ඇති ආකාරයයි. එම අවිය කාටූන් ශිල්පියා ඇඳ ඇත්තේ පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වූ පර්වේස් මුෂාරෆ්ගේ රූපය සේය. මුෂාරෆ්ගේ උඩු රැවුල APML යන අකුරු හතරෙන් සටහන් කර ඇත. APML යනු All Pakistan Muslim League සමස්ත පාකිස්තාන් මුස්ලිම් ලීගය යන දේශපාලන පක්ෂයේ නමයි. එය මුෂාරෆ් නියෝජනය කරන පක්ෂයයි. මුෂාරෆ් ඛාන්ට බෙහෙවින් උදව් කළ අයෙකි. මුෂාරෆ් කියනවා ‘‘මාව පාවිච්චි කරන්න’’ (Use Me) කියා ඛාන් නිර්මාණය කළ න්‍යෂ්ටික අවියට මුෂාරෆ් විසින් දැක්වූ සහයෝගය මේ කාටූනයෙන් පෙන්වාදී ඇත. දේශපාලන විරුද්ධවාදීන් ඛාන් වෙත ප‍්‍රහාර එල්ල කරන විට ඒ වෙනුවෙන් ඉදිරිපත් වූයේ මුෂාරෆ්ය. ඒ නිසාය ඔහු කියන්නේ Use Me කියා.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment