දෙවන ලෝක මහා යුද්ධය 1939 සැප්තැම්බර් 1 දා ආරම්භ වි 1945 සැප්තැම්බර් 2 වැනිදා අවසානයට පත්විය. ජර්මනියේ ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මන් හමුදාව යුරෝපයේ රටවල් බොහෝ ගණනක් තම ග‍්‍රහණයට ගත් අතර ක‍්‍රම ක‍්‍රමයෙන් එය ආසියාව අප‍්‍රිකාව දක්වා ව්‍යාප්ත වීමට පටන් ගත් අතර ජර්මනියේ හිට්ලර්ගේ නාසි හමුදාව සමඟ යුද කිරීමට බි‍්‍රතාන්‍ය, සෝවියට් දේශය, ඇමෙරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාව පෙරමුණ ගත් අතර මිත‍්‍ර හමුදාවට තවත් රටවල් 24 කට වැඩි ප‍්‍රමාණයක සහයෝගයට හිමිවිය.
යුරෝපයේ යුද සටන් පැවති අතරතුරදී ජපානය ඉතා ඉක්මණින් ම පැසිෆිකත් සාගරයේ බොහෝ ප‍්‍රදේශ අත්පත් කර ගත් අතර 1944 – 1945 කාලය තුළදී ජපානය ආසියාවේ ප‍්‍රධාන ප‍්‍රදේශ වන සිංගප්පූරුව, බෝනියෝ දූපත, තායිලන්තය, බුරුමය යන රටවල් ද ආක‍්‍රමනය කළ අතර ආසියාවේ තවත් සමහර ප‍්‍රදේශ අත්පත් කරගත්තේය.
1941 දෙසැම්බර් 7 වැනිදා උදේ 7.55 ට, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හවායි දූපතේ පිහිටි පර්ල් වරායට සහ එහි තිබෙන ඇමෙරිකානු නාවික හමුදා කඳවුරට ජපානය යුද ගුවන් යානා 360 ක් යොදවා දරුණු ප‍්‍රහාරයක් එල්ල කළේය. ඉන් ඇමෙරිකානු යුද ගුවන් යානා 200 කට වැඩි ගණනක්, යුද නැව් හතක්. විනාශ වූ අතර ඇමෙරිකානු ජාතිකයන් 2400 ක් ඝාතනය විය. 1200 කට තුවාල සිදුවිය. ජපන් ගුවන් යානා 30 ක්, ජපන් ජාතිකයන් 100 ක් පමණ විනාශ විය.
මේ ප‍්‍රහාරය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද ගුවන් මෙහෙයුමක් සඳහා සැලසුම් සකස් කළේය.
HTML clipboard එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ප්‍රෑන්ක්‌ලින් රුස්වෙල්ට් ජපානය සමඟ යුද්ධයක් සඳහා කොන්ග‍්‍රසයේ අනුමැතිය ලබා ගත්තේය. ඔපරේෂන් මැටර්හෝන් (operation Matterhor) නම් ඉන්දියාව පදනම් කරගත් ඊ – 29 යානා චීනයේ චෙංඩු අවට කඳවුරු හරහා ජපානයේ උපාය මාර්ගික ඉලක්ක වෙත වැටලීම් මාලාවක් සිදුකර ජපානය අවට ගුවාම්, ටිනියන්, සයිපාන්, මරියානා දූපත් අල්ලා ගන්නා ලදී. 1944 දී ඇමෙරිකානු ගුවන් යානා මාස හයක් ඇතුළත ජපානයේ නගර 67 ක් බෝම්බ දමා, ගිනිබත් කළේය. 1945 මාර්තු 9 – 10 දිනවලදී ජපන් වැසියන් 100000 ක පමණ පිරිසක් මරාදමා ගොඩනැඟිලි විනාශ කළේය. ජූනි මැද භාගය වන විට ජපානයේ විශාල නගර හයක් විනාශ විය. මෙම ප‍්‍රහාර නැවැත්වීමට ජපාන හමුදාවන්ට නොහැකි විය.
1939 අග භාගයේදී ඇමෙරිකාව පරමාණු බෝම්බ නිපදවීම සඳහා වන මූලික පරීක්‍ෂණ සඳහා නැඹුරු වී සිටියේය. ජපානය මට්ටු කිරීම සඳහා පරමාණු බෝම්බ සහාය කර ගැනීමට සිතූ ඇමෙරිකාව මේ සඳහා 1944 දී මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කළේය.
ඇමෙරිකාවේ මෑන්හැටන් ව්‍යාපෘතිය යටතේ පරමාණු බෝම්බ වර්ග 2 ක් නිපදවීමට සහ ඒවා ජපානයට හෙළීමට ක්විබෙක් ගිවිසුමට අනුව ඇමෙරිකාව එක්සත් රාජධානියේ කැමැත්ත ලබා ගත්තේය. ඒ 1943 දී ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය (බි‍්‍රතාන්‍යය) ‘ක්විබෙක්’ ගිවිසුමට අනුව අන්‍යෝනය එකඟතාවකින් තොරව න්‍යෂ්ටික අවි වෙන රටකට එරෙහිව බාවිතා නොකරන බවට ඇති නියමය නිසා ය.
ජපානය පර්ල් වරායට පහරදීම නිසා ජපානයට පාඩමක් ඉගැන්වීම සඳහා 1944 දෙසැම්බර් 17 වැනිදා පරමාණු බෝම්බ ව්‍යාපෘතිය ඇමෙරිකාව විසින් සක‍්‍රීය කළේය. මෙය කර්නල් පෝල් ටිබෙට්ස් යටතේ සංවිධානය විය. මෙහෙයුම සඳහා ටිබෙට්ස් කණ්ඩායමක් තෝරාගත් අතර ඔවුන් සම්ප‍්‍රදායික වට්ටක්කා බෝම්බ (Punpkin Bombs) 50 ක් වත් බිම හෙළා සම්පූර්ණ කළ අය වූහ. ටිබෙට්ස් මෙම කණ්ඩායම මෙහෙයුමට සූදානම් බව 1945 අපේ‍්‍රල් ප‍්‍රකාශ කළේය. ඒ සමගම මෙම ප‍්‍රහාර බල ඇණියට බලලත් නිලධාරීන් 225 ක් සහ සෙසු නිලධාරීන් 1547 ක් ඇතුළත් වූහ.
මෙහි ගුවන් යානා රැුගෙන යෑම සඳහා අනුගත වූ ඒවා විය. ඒවායේ බෝම්බ දමන කොටසේ දොරවල් වේගයෙන් විවෘත කිරීමට සහ වසා දැමීමට වැඩි දියුණු කළ අතර ඒවා වායුමය යන්ත‍්‍ර මගින් ක‍්‍රියා කළේය.
මෑන් හැටන් ව්‍යාපෘතියේ නියෝජ්‍ය අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් ජෙනරාල් තෝමස් හැරල් සහ මිලිටරි ප‍්‍රතිපත්ති කමිටුවේ රියර් අද්මිරාල් විලියම් ආර්. පර්සෙල් ඉහළ ප‍්‍රතිපත්තිමය කරුණු තීරණය කිරීම සඳහා සූදානමින් සිටියේය. ව්‍යාපෘතියේ අණදෙන නිලධාරී කපිතාන් විලියම් එස්. පාර්සන්ස් ද ඔවුන්ට එක්විය.
1945 අපේ‍්‍රල් 27 වන දින ඉලක්ක කමිටුව වොෂිංටන් හිදී රැස්විය. එහිදී පරමාණු බෝම්ම දැමිය යුතු ඉලක්ක කිහිපයක් තෝරා ගත්තේය. ජපානයේ විශාලතම ආයුධ කම්හල්වලින් එකක් පිහිටා ඇති ‘කොකුරා’ (දැන් කිටකියුෂු), ප‍්‍රධාන හමුදා මූලස්ථානයක් වූ එම්බාර්කේෂන් වරාය සහ කාර්මික මධ්‍යස්ථානයක් වු ‘හිරෝෂිමා’, ගුවන් යානා නිෂ්පාදන, යන්ත‍්‍ර උපකරණ, නැව් තටාක, විදුලි උපකරණ සහ තෙල් පිරිපහදු සහ නාගරික මධ්‍යස්ථානයක් වු ‘නයිගාටා’ වානේ සහ ඇලූමිනියම් කම්හල් තෛල් පිරිපහදු ඇතුළු කාර්මික පහසුකම් සහිත වරායක් ඇති ‘කියෝතෝ’ තෝරාගත් ඉලක්ක විය.
‘කියෝතෝ’ ඓතිහාසික වටිනාකමක් ඇති බොහෝ පෞරාණික දෑ ඇති ස්ථානයකි. එහි ඉපැරැුණි පන්සල් සහ ආරාම බහුලය. එය ජපානයේ මෙන්ම ලෝකයේ ද ආගමික සංස්කෘතික වැදගත්කමක් ඇති ස්ථානයකි. කියෝතෝ ඉලක්ක ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස එවකට ඇමෙරිකාවේ යුද හමුදා ලේකම් වු හෙන්රි එල්. ස්ටීම්සන් ඉල්ලා සිටියේය. ඔහු මින් දශක කිහිපයකට පෙර විවාහ වූ විට තම මධුසමය ගත කර ඇත්තේ කියෝතෝ වලය. එහි සංචාරයේදී කියෝතෝහි ඓතිහාසික වටිනාකම ඔහු දැකබලා ගෙන තිබුණි. පසුව ස්ටීම්සන් මේ පිළිබඳව එවකට ඇමෙරිකානු ජනපති හැරී එම්. ටෲමන් වෙත ගොස් මේ පිළිබඳව කියා සිටි අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කියෝතෝ ඉලක්ක ලැයිස්තුවෙන් තාවකාලිකව ඉවත් කරන ලදි. ජූලි මාසයේදී කියෝතෝ ඉලක්ක ලැයිස්තුවට නැවත ඇතුළත් කිරීමට උත්සාහ කළ නමුත් ස්ටීම්සන් නොසැලී සිටියේය. කියෝතෝ විනාශයෙන් බේරා ගැනීමේ ගෞරවය හිමිවිය යුතු එකම පුද්ගලයා හෙන්රි එල්. ස්ටීම්සන් ය. ජූලි 25 වන විට ‘කියෝතෝ’ වෙනුවට නාගසාකි ඉලක්ක ලැයිස්තුවට ඇතුළත් කරන ලදි නාගසාකි ප‍්‍රධාන හමුදා වරායක් වු අතර ජපානයේ විශාලතම නැව් තැනීමේ හා අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වූහ.
1945 අගෝස්තු 3 වන දිනට පසු බෝම්බ හෙළීමට කාලගුණය ඉඩ දුන් විගසම එහි පළමු බෝම්බය හිරෝෂිමා, කොකුරා, නයිගාටා හෝ නාගසාකි වෙත හෙළිය යුතු බවට තීරණය කළේය. බෝම්බය පුපුරා යෑමේ ප‍්‍රතිඵලය නිරීක්‍ෂණයට හා ඡුායාරූප ගැනීමට, වාර්තා කිරීමට යුද දෙපාර්තමේන්තුවේ හා සිවිල් විiාත්මක නිලධාරීන් රැුගෙන යෑම සඳහා බෝම්බය ගෙන යන යානය සමඟ අමතර ගුවන් යානා ද සූදානම් කළේය.
දිනය 1945 අගෝස්තු මස 6 දා. පළමු පරමාණු බෝම්බය හෙළීමේ මූලික ඉලක්කය ‘හිරෝෂිමා’ වූ අතර විකල්ප ඉලක්ක ලෙස කොකුරා සහ නාගසාකි නම් කළේය. ලොස් ඇලමොස් රසායනාගාරයේදී සැලසුම්කර මිචිගන්හි නාවික ආයුධ කම්හලේදී නිෂ්පාදනය කරන ලද බර රාත්තල් 9700 ක් (කි. ග‍්‍රෑ. 4400) බරින් යුතු අඩි 10 ක් දිග (මීටර් 3) විෂ්කම්භය අඟල් 28 (සෙ. මී. 71) වූ ‘ලිට්ල් බෝයි Little Boy නම් කේත නාමයෙන් යුත් ඒ පරමාණු බෝම්බය බොයිං B – 29 සුපර්ෆොරස් වර්ගයේ ‘ඉනෝලා’ නමින් යුත් යුද ගුවන් යානයෙන් ගෙනගිය අතර එහි අණදෙන නිලධාරීන් වූයේ කර්නල් පෝල් ඩබ්ලිව් ටිබෙට්ස් සහ කපිතාන් රොබට් ඒ ලූවිස් ය.
යුද්ධයේදී භාවිතා වූ පළමු න්‍යෂ්ටික අවිය වූ එම පරමාණු බෝම්බය ඉනෝලා යුධ ගුවන් යානයේ සිට ජනගහනය 350,000 ක් පමණ ජීවත් වූ ජපානයේ හිරෝෂිමා නගරයට ජපාන වේලාවෙන් උදේ 8.15 ට ගුවනේ සිට අතහැරිය අතර එම පරමාණු බෝම්බය තත්ප 44.4 ක කාලයකදී අඩි 31,000 ක් උඩ සිට බිමට වැටුනු අතර හිරෝෂිමා නගරයට අඩි 1900 ක් උඩදී පුපුරා ගියේය. පිපිරුමෙන් විශාල දුම් වලාවක් අහසට නැඟි ගිය අතර කම්පන තරංග සැතපුම් 11.5 ක් දුරට ගමන් කළේය. හිරෝෂිමා බෝම්බය අහසේදී පිපිරීම නිසා එහි පිපිරීම පැතිවලට වඩා පහළට යොමුවිය. හිරෝෂිමා පැතලි භූමියක පිහිටා ඇති නිසා එහි හානිය බෙහෙවින් වැඩිවිය.
බෝම්බයේ පිපිරීම නිසා සැතපුම් 1 ක් ඇතුළත සියලූ දේ දැවී අළු දූවිලි බවට පත් විය. එහි ගිනි බෝලයේ විශ්කම්භය මීටර් 370 (අඩි 1200 ක්) වූ අතර, මතුපිට උෂ්ණත්වය සෙල්සියන් අංශක 6000 (F10,830) ක් විය. මෙයින් පුද්ගලයන් 66,000 කට වඩා මිය ගියේය. 20,000 ක් පමණ හමුදාභටයන් ය. තවත් 69,000 ක් මරණීය තුවාල ලැබීය.
අගෝස්තු 7 වන දින රියර් අද්මිරාල් විලියම් ආර්. පර්නිල්, කොමදෝරු විලියම් එස්. පර්සන්, මේජර් ජනරාල් කර්ටිස් ලීමේ, කාල් ස්පාට්ස් සහ ටිබෙට්ස් සාකච්ඡුා කළේ ජපානය යටත් වන බවට කිසිදු සඳහනක් නොකළ බැවින් දෙවැනි බෝම්බය ද ජපානයට හෙළිය යුතු බවය. එය අගෝස්තු 11 දා හෙළීමට තීරණය කළ නමුත් එදින කාලගුණය කුණාටු සහිත වන බව දැනගෙන බෝම්බය 9 දා හෙළීමට තීරණය කළේය.
දිනය 1945 අගෝස්තු මස 9 දා. ඇමෙරිකාව විසින් ජපානයට දෙවැනි පරමාණු බෝම්බය හෙළීම සඳහා ‘ෆැට්මෑන් Fatman’ නම් කේත නමින් හඳුන්වන ලද දිගින් අඩි 10.5 ක් (මීටර් 3.3) විෂ්කම්බය අඟල් 60 ක්, (මීටර් 1.5) සහ බරින් රාත්තල් 10,300 (කි. ග‍්‍රෑ. 4670) වූ ව එම පරමාණු බෝම්බය රැගත් බොක්ස්කාර් නමින් යුත් බොයිං B – 29 සුපර්ෆොරස් ගුවන් යානය ගුවන්ගත විය. යානයේ අණදෙන නියමුවා වූයේ කැප්ටන් ෆෙඞ්රික් සී බොක් ය. බෝම්බය අතහැරීමේ ඉලක්කය වූයේ ජපානයේ කොකුරා නගරයයි. එහෙත් නගරය ඉහළ අහසේ ඝන වළාකුළුවලින් වැසී තිබීම නිසා යානය තෙවරක්ම රවුම් ගසා වෙන විකල්ප ඉලක්කයක් වු නාගසාකි නගරය තෝරාගත් අතර යානය එයට ළඟා වුවද එයත් වළාකුළුවලින් වැසී තිබුණත්, යානයේ සිටි බෝම්බ ක‍්‍රියාකරු වළාකුළු අතරින් සිදුරක් සොයා ගත්තේය. ඔහු ක්‍ෂණිකව බෝම්බය අතහරින ලීවරය ක‍්‍රියාත්මක කළ අතර, ‘ෆැට්මෑන්’ (මහත මිනිසා) නම් ඒ පරමාණු බෝම්බය ජපාන වේලාවෙන් උදෑසන 11.02 ට ජපානයේ නාගසාකි නගරයට අඩි 1650 ක් උඩදී පුපුරා ගියේය. එය නගර මධ්‍යයේ සිට කි. මී. 3 – 2 දුරින් කඳුකර ප‍්‍රදේශයට ළංව පුපුරා ගිය අතර ඉන් ක්‍ෂණිකව මියගිය සංඛ්‍යාව 35,000 සිට 40,000 දක්වා විය. මාරාන්තික තුවාල ලැබුවෝ 60,000 ක් පමණ විය. ඔවුන්ගෙන් සෑහෙන ගණනක් පසුව මියගියේය.
ජපානයේ හිරෝෂීමා – නාගසාකි නගරවලට පරමාණු බෝම්බදැමූ ඇමෙරිකාව සන්නද්ධ යුද ගැටුමකදි න්‍යස්ටික අවියක් වු පරමාණු බෝම්බය පළමුවරට බාවිතා කළ රට බවට පත්විය. පරමාණු බෝම්බ පිපිරී හිරෝෂිමා – නාගසාකි නගර සහ ජනතාව විනාශ වූ පසු 1945 අගෝස්තු 12 වැනිදා ජපාන අධිරාජයා විසින් කොන්දේසි විරහිතව ජපානය යටත් වී යුද්ධයෙන් ඉවත් වන බවට ප‍්‍රකාශ කර සිටියේය.
හිරෝෂිමා හා නාගසාකි නගරවලට හෙළුෑ පරමාණු බෝම්බ නිසා මෙම නගර දෙකේම මියගිය සංඛ්‍යාව 129,000 සිට 226,000 ක් අතර ගණනක් විය. නමුත් පිපිරීම හේතුකොට ගෙන අළු දූවිලි බවට පත්වූවන් ගණන තවමත් කිසිවෙක් නොදනී. බෝම්බවල විකරණවලට නිරාවරණය වීම නිසා පිළිකා තත්ත්වයන්ට සහ වෙනත් හඳුනා නොගත හැකි රෝගාබාධයන්ට වසර ගණනාවක් තිස්සේ එම ප‍්‍රදේශවල ජනතාව ගොදුරු විය. විකිරණ නිසා ඇතිවූ ගබ්සා තත්ත්වයන් වසර ගණනාවක් පැවති අතර එම ගණන ද අති විශාලය.
1. හිරෝෂිමා – නාගසාකි පරමාණු බෝම්බ ප‍්‍රහාරය ගැන නිර්මාණය කරන ලද කාටුන් අතරින් 1945 අගෝස්තු 12 වන දින Dallas morning News ප‍්‍රකාශනයට ස්වීඩන් ජාතික නෝත්ට් (Knott) නම් කාටුන් ශිල්පියා නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ ලෝක බෝලයේ ඇමෙරිකාවේ සිතියම මත සිට දිව එන නිරුවත් මිනිසකුගේ රූපයකි. එයින් ඇමරිකාවේ නිරුවත පෙන්වා දී ඇත. එම රූපයේ ඉනෙන් උඩ කොටස ඇට සැකිල්ලක් බවට පරිවර්තනය වී ඇත. පරමාණුක ශක්තිය යන වචනය කාටුනයේ පිටුපසින් විදුලි වේගයෙන් විහිදී යන ආකාර පෙන්වා දෙයි. ඇටසැකිළි මිනිසාගේ පපුව හරහා පිළිකාව (cancer) යනුවෙන් ලියා ඇත. කාටුන් ශිල්පියා මේ කාටූනයෙන් පෙන්වා දී ඇත්තේ පරමාණු බෝම්බය දමා ලෝකයහමුවේ නිරුවත් වු ඇමෙරිකාවෙන් පිටවෙන ඒ පරමාණු පිළිකාව මුළු ලෝකයම ව්‍යසනයකට පත්කරන බවය. එම පරමාණු පිළිකාවට ගොදුරු වූවන්ට ගැලවීමක් නොමැත.
2. We Have come to stay (අපි ආවේ නවතින්න) යන මාතෘකාව යටතේ නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ මාරයාගේ ඇඳුම ඇඳගත් අදාෂ්‍යමාන දැවැන්තයන් දෙදෙනෙකි. ඔවුන් ගිනි ගොඩක් මත සිටින බව පෙනේ. ඔවුන් දෙදෙනා මරණය (Death) සහ විනාශය (Ruin) යනුවෙන් නම් කර ඇත. දෙදෙනාගේ අත්වල ඇති ගමන් මළු පරමාණු බෝම්බ (Atomic Bombs) යනුවෙන් සඳහන් කර ඇත. මෙම දැවැන්තයන් දැක සසල වු මිනිසෙකි. ලී සෙරෙප්පු දෙකක් පැළඳ ජපානයේ සාම්ප‍්‍රදායික කුඩයක් ද අතැතිව සිටින එම කුඩා මිනිසා ජපාන ගැමියකු හෝ ගොවියකු (Jap Peasant) යනුවෙන් හඳුන්වා දී ඇත. හාත්පස ඇති අඳුර තුළින් පැමිණි මේ දැවැන්තයන් දෙදෙනා දැක ඔහු බිය වී ඇත. එම දැවැන්තයන් දෙදෙනා හිරෝෂිමාවට හා නාගසාකි නගරවලට ඇමෙරිකාව දැමූ පරමාණු බෝම්බ දෙක සංකේතවත් කර ඇත. එවුන් පැමිණ ඇත්තේ ජපානයේ නැවතී ජපාන ජනතාවත්, දේපලත් විනාහ කිරීමටය. එය එසේම සිදුවිය.
රුවන් තරස්වින්
[email protected]