කාති උසාවි අහෝසි කරන්න – හිටපු මහාධිකරණ රෙජිස්ට‍්‍රාර් මොහොමඞ් සුබයිර් ඉල්ලයි

183

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඞ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කළේය.

මුස්ලිම් කාන්තාවන්ට මින් දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඞ් සුබයිර් මහතා පැවසීය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා පෙරේදා (26දා) මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ රැුස්වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම කළේය.

තමා ස්වෙච්ඡුාවෙන් අදහස් ලබාදීම සඳහා පැමිණි බව පැවසූ සුබයිර් මහතා අධිකරණ ක්ෂේත‍්‍රයේ වසර 40ක තම සේවා කාලය තුළ ලද කනගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බව වැඩිදුරටත් පැවසීය. විවිධ ස්වෙච්ඡුා සංවිධාන, විවිධ ජන කොටස්, වෘත්තිකයන්ගේ සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් පැමිණි පිරිස් කමිටුව හමුවේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද මොහොමඞ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයකු නොවන කාති වරයෙකි. නීතියට අදාළ වන ලියකියවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාතිවරයකුට නොහැකි වන අවස්ථා ඇත. එසේ හෙයින් නිසි අවබෝධයකින් හා අපක්ෂපාතීව නිවැරැුදි තීන්දුව ලබා දිය නොහැකි අවස්ථා මෙන්ම එම උසාවිය මගින් ලබාදෙන තීන්දු ක‍්‍රියාත්මක නොවන අවස්ථා ද බහුලව වාර්තා වී ඇත. මෙම උසාවි ක‍්‍රමය අහෝසි කිරීම මගින් නඩත්තු නඩුවලදී අදාළ ගැහැනු දරුවාට මෙන්ම, දෙමාපියන්ට ද සාධාරණයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මොහොමඞ් මහතා සඳහන් කළේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මගින් බලවත් සමාජ හා නීතිමය අසාධාරණකම් සිදු වන බව බව පැවසූ මොහොමඞ් සුබයිර් මහතා, දැනට කාති ක‍්‍රමය යටතේ

ගැනෙන නඩත්තු නඩු මහෙස්ත‍්‍රාත් උසාවිය මගින් ද, දික්කසාද නඩු දිස්ත‍්‍රික් උසාවිය මගින් ද සාධාරණ හා අපක්ෂපාතී ලෙස විසඳාගත හැකි බව පැවසුවේය. බහු විවාහය සඳහා ඇති අයිතිය ද අහෝසි කළ යුතු බව පවසන සුබයිර් මහතා, ඒ සඳහා වන කරුණු කුරාණයේ ඇති වගන්ති ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. ආගම කොටස්වලට බෙදා නොගන්නා ලෙස කුරාණයේ සඳහන් කර ඇති බව පවසන සුබයිර් මහතා එවැනි අවස්ථාවලට ඉඩ ලබාදීම මගින් විවිධ අන්තවාදී සංවිධාන බිහිවීමට ඉඩ ඇති බවද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාද අධ්‍යනය කිරීමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි.

කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ, කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, පානි වෑවල, එරන්ද නවරත්න සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ අනු කමිටුවේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගි වූහ.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment