කාදිනල්තුමා කාටවත් නෑලු

1030

ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මුණ ගැසුණ ද එම කිසිදු අයකුට සහාය දීමට හෝ ඔවුන් පිළිබඳ විශේෂ කැමැත්තක්, මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නැතැයි එතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටී.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් කාදිනල්තුමා මුණගැසීමට ඉල්ලීම් කළ බවත්, ඒ අනුව එම ඉල්ලීම් කරන ලද අපේක්ෂකයන් පමණක් තෝරාගැනීමකින් තොරව හමුවීමට තීරණය කළ බවත්, පියතුමා සඳහන් කරයි.

එලෙස අපේක්ෂකයන් හමුවූ පමණින් ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට සහාය දීමක් හෝ ඔවුන් පිළිබඳ කතෝලික සභාව හෝ කාදිනල්තුමා කිසිදු සන්සන්දනය කිරීමක් නොකරන බවද සිරිල් ප්‍රනාන්දු පියතුමා පවසයි.

එබැවින් කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කරන්නේ ද යන්න බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තීරණයක් හා වගකීමක් බව පමණක් කාදිනල්තුමාගේ සහ කතෝලික සභාවේ අදහස යැයිද එම පියතුමා වැඩිදුරටත් කියා සිටියේය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment