කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවට

76

“හිංසන විරෝධී ගෝලීය අභිනයන්” හස්ත මුද්‍රා එළිදැක්වීමේ උත්සවයේදී ජනපති කියයි

ආර්ථික අර්බුදය පැවැති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අදාළ පනත් කෙටුම්පත් එළැඹෙන ජුනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, එමඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, DP Education විසින් කොලඹ නෙළුම් පොකුණ රඟහලේ සංවිධානය කර තිබූ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව “හිංසන විරෝධී ගෝලීය අභිනයන්” හස්ත මුද්‍රා එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ධම්මික පෙරේරා මැතිතුමා වෙනසක් ආරම්භ කර තිබෙනවා. කාන්තා හිංසනයට එරෙහිව එතුමා මේ ආරම්භ කළ වැඩපිළිවෙළ ප්‍රශංසනීයයි. DP Education වැනි ව්‍යාපාර අනාගත අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි. මේ සඳහා පුළුල් ප්‍රචාරයක් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපේ රටේ ධනපතියෝ සහ දානපතියෝ ඉන්නවා. දානපතියන් කියන්නේ මුදල් උපයාගෙන සමාජ සත්කාර කරන පිරිසක්. ධම්මික පෙරේරා මහතා සිදුකරන්නේ එවැනි ක්‍රියාවක්.

advertistmentadvertistment
advertistmentadvertistment