කාන්තා මීටර් 2000 ලෝක වාර්තාව අලූත් වෙයි

90

කාන්තා මීටර් 2000 ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමීමට බුරුන්ඩි කී‍්‍රඩිකා ෆ‍්‍රැන්සිස් නියෝන්සාබා ඊයේ (15 වැනිදා) සමත් වූවාය. එ් සැගරෙබ් හී පැවැති මහද්වීපික තරාගාවලියකදී අදාළ ඉසව්ව මිනිත්තු 5.21.56කින් නිමාවට පත් කරමිනි.

 මීට පෙර 1994 වසරේදී කාන්තා මීටර් 2000 ඉසව්ව මිනින්තු 5.25.36කින් නිමාවට පත්කරමින් එහි ලෝක වාර්තාවට හිමිකම් කීමට සෝනියා ඔසුලිවන් සමත්වී සිටියාය.

 2016 රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී කාන්තා මීටර් 800 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ෆ‍්‍රැන්සිස් නියෝන්සාබා සමත්වී තිබේ. ෆ‍්‍රැන්සිස් නියෝන්සාබා ලිංගික වර්ධනයේ වෙනසක් ඇති කී‍්‍රඩිකාවක් ලෙස ලොව ප‍්‍රසිද්ධියට පත්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment