කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක්

338

ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය

මීළඟ ආසියානු ශූරතාවලියට සහ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට සුදුස්සන් තෝරා ගැනීම උදෙසා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී දැන් ක‍්‍රියාත්මක ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරග ඉසව් ආශ‍්‍රිතව වැඩි දක්ෂතා ප‍්‍රදර්ශනය කරන්නට යුද හමුදාව නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඊයේ (10) සමත් වූහ.

ජ්‍යෙෂ්ඨ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින් නොනැවතුණු කේ.එල්.එච්.එස්.කේ. පෙරේරා නව ශ‍්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර ඉහළින්ම ඊයේ දිනයේ දී කැපී පෙනුණි. මීටර් 3.65 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් කාන්තා රිටි පැනීමේ නව ශ‍්‍රී ලංකා වාර්තාව තමන් නමින් ලියවා ගැනීමට පෙරේරාට එහිදී හැකි වූවා ය.

කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා  වාර්තාවක්

මෙහි තෝරා ගැනීමේ තරඟ ඉසව් අද (12) සහ හෙට (13) දිනයේ දී ද ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

ආරම්භක දිනය වූ ඊයේ (10) පිරිමි අංශයේදී කැපී පෙනුණු එච්.එම්.ඒ සංජය බණ්ඩාර (යුද හමුදාව) මීටර් 46.85 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් මිටිය විසි කිරීමේ තරගයේ ප‍්‍රථම ස්ථානය දිනා ගත් අතර ඩබ්ලිව්. එස්. එම්. ප‍්‍රනාන්දු (යුද හමුදාව) මීටර් 16.95 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් යගුලිය දැමීම ප‍්‍රථම ස්ථානය තහවුරු කර ගත්තේය.

කාන්තා ඉසව් ආශ‍්‍රිතව කැපී පෙනුණු කේ. ඒ. ඒ. සෙව්වන්දී (යුද හමුදාව) මීටර් 12.5 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් තුන් පිම්ම ඉසව්ව ද එච්.එල්.එන්.ඞී. ලේකම්ගේ (යුද හමුදාව) මීටර් 53.66 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමින් හෙල්ල විසි කිරීම ද එච්. එම්. සී. එස්. හේරත් (යුද හමුදාව) මිනිත්තු 36.35.36 ක තරග නිමි කාලයක් සටහන් කරමින් මීටර් 10.000 ඉසව්ව ද ජය ගනිමින් ප‍්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූහ.

කනිෂ්ඨ තරග ආශ‍්‍රිතව පළමු ස්ථානය තහවුරු කරගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පහත දැක්වේ.

පිරිමි මීටර් 5000 ඞී. එම්. ධනුෂ්ක සඳරුවන් (යුද හමුදාව) මි.15.05.98

කාන්තා රිටි පැනීම යූ.ටී. වික‍්‍රමසේකර (නිව්ස්ටඞ් බාලිකා විදුහල) මීටර් 2.9

පිරිමි උස පැනීම යූ.තෙන්නකෝන් (ලයිසියම් ජාත්‍යන්තර පාසල) මීටර් 2.02

කාන්තා තුන් පිම්ම එච්.ඒ.එන්. නේහා හෙට්ටිආරච්චි (සිරිකුරුස විදුහල) මීටර් 11.86

මීටර් 100 කාන්තා ඞී. ටී. සුළුදාගොඩ (ලයිසියම් ජාත්‍යන්තර පාසල) තත්.12.19

ඡායාරූපය – කමල් වන්නිආරච්චි
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment