කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

37

මංචි කුසලාන සුපර් ලීග් ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සංවිධානය කළ මංචි කුසලාන සුපර් ලීග් ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.

වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රබලතම කණ්ඩායම් රැසක් තරග වැදුන අතර එහි කාන්තා තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම සමත්විය.

කාන්තා තරගාවලියේ අවසන් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර තරගය වට 4ක් දක්වා ඇදගෙන යෑමට දෙපිලේ ම ක්‍රීඩිකාවෝ සමත් විය. එහි දී පළමු වට දෙකම 25-12ක් සහ 25-20ක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළ අතර, තෙවන තරග වටයේ දී ලකුණු 25-14ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම විය.

ඒ අනුව පැවැති සිව් වැනි වටයේ දී නැවතත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 25-19ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගය 3-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් මෙවර ශූරතාවට හිමිකම් කීය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment