කාබනික කෘෂිකර්මාන්තයට ස්විස් දැනුම හුවමාරු කරගනී

88

සෞභාග්‍යමත් හා තිරසාර දේශයක් බිහි කිරීමේ අරමුණින් යුතුව, රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික භාවිතය අත්හැරීමට ශී‍්‍ර ලංකාව තීරණය කිරීමත් සමග මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙක් ලෙස ප‍්‍රකට බවර් සමාගම, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ලොව නවීනතම දැනුම මෙරටට ලබා ගැනීමට තීරණය කළේය.

ඒ අනුව ස්විට්සර්ලන්තයේ පිහිටි සුප‍්‍රකට පර්යේෂණ ආයතන දෙකක් නියෝජනය කරන විශේෂඥ කණ්ඩායමක් ඉකුත් අගෝස්තු මස මුලදී දින 10 ක අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණියහ. මෙම කණ්ඩායම එක්වූ වැඩසටහන දේශීය විද්වතුන්, පර්යේෂණ ආයතන, කෘෂිකර්මාන්ත අංශයේ ප‍්‍රවීණයන් මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු කෘෂි ක්‍ෂේත‍්‍රය නියෝජනය කරන විවිධ පාර්ශ්වකරුවන්ගේ දැඩි පැසසුමට ලක්විය. ‘කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා අතිශය වැදගත් ක‍්‍රමෝපායික සහයෝගිතාවන් ඔස්සේ විiාත්මක හා වෘත්තීමය ප‍්‍රවීණතාව හා දැනුම සපයා ගැනීමෙහිලා විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ අපට තවත් අලූත් දැනුම ලබා ගැනීමට හැකි වේවි. විශේෂඥ කණ්ඩායම පවසන ආකාරයට ශී‍්‍ර ලංකාවේ කාබනික කෘෂි පරිවර්තනය මැනවින් කළමනාකරණය කරගතහොත් ඒ හරහා පාරිසරිකව වගේම ආර්ථිකවත් විශාල තිරසාර අවකාශයක් ඉදිරියේදී රට තුළ නිර්මාණය වීම නිසැකයි’ යනුවෙන් රොල්ෆ් බ්ලේසර් මහතා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම එළඹෙන මහ කන්නයේදී මෙරට ගොවීන්ට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ඉක්මනින් ලබාදීමට කටයුතු කළ යුතුව පවතින බැවින් ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳවද විශේෂඥයන්ගේ මූලික වාර්තාව මගින් යෝජනා කර තිබේ. ස්විස් විශේෂඥයන් කණ්ඩායම සිය ශී‍්‍ර ලංකා සංචාරය අතරතුර බවර් සමාගමේ කළමනාකර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි රොල්ෆ් බ්ලේසර් සහ එම සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ හා අධ්‍යක්‍ෂ – කෘෂිකර්ම ජානක ගුණසේකර යන මහත්වරු සමග ගොවිපොළ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment