කාබනික පොහොර යැයි කියමින් චීනයේ නාගරික අපද්‍රව්‍යවලින් රටේ හදවත වැනි මධ්‍යම කඳුකරය දූෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පවසන්නීය.

චීනයේ කක්කුස්සිවලවත්, නාගරික අපද්‍රව්‍යවලින් සකස් කළ කාබනික ලේබලය ගැසූ මෙ.ටො. 96,000 ක් රටට ගෙන්වන්නට ආණ්ඩුව උත්සාහ කරනවා. මෙයට ඩොලර් මිලියන 63.7 ක් වැය වෙනවා. ලංකාවේ පර්යේෂණගාර තුනක් මේ චීන කුණු කන්දල් තොගය පරීක්ෂා කරලා ඒවායේ බැක්ටීරියා තියෙන බවත්, ගොවි බිම්වලට නොයෙදිය යුතු බවත් පවසනවා. නිරෝධායන නීතිවලට පිටින් ඇපල් ගෙඩියක්, මිදි පොකුරක් ගෙනාවොත් ඒක ගුවන් තොටුපළෙන් එළියට දෙන්නේ නෑ. හැබැයි චීන කුණු ගේන්න බලපත‍්‍ර දෙනවා. කාබනික ලේබල් ගහලා, චීන රසායනාගාර සහතිකයක් හදලා රට පුරා විසුරුවන්ට හදනවා.
මහ කන්නය සඳහා මධ්‍යම, නැගෙනහිර පළාත් දෙකේ මූලික පොහොර අවශ්‍යතාවට වඩා වැඩි මුදලක් මේ චීන කුණු කන්දල්වලට වැය වෙනවා.
මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා. මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදිහක් නෑ. ගොවියාට වල්නාශක නැතිව කුඹුරු හාන්න විදිහක් නෑ. එළවළු, ගොයම් කෘමිනාශක නැතුව විනාශයි. පොහොර ටික නැතුව උඩරට ගොවියෝ මහ කන්නයේ බිම කොටන්නේ නෑ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද තක්කඩි ව්‍යාපාරිකයන් රැුලකගේ ග‍්‍රහණයට අහුවෙලා ඉවරයි. අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩකරන්නේ දේශපාලන ගජමිතුරන් පිරිසකගේ ව්‍යාපාරික වුවමනාවන්ටයි. අසූචි විකුණා මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතුයි. යැයිද රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.