කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම ස`දහා රජය මගින් ගොවියාට රුපියල් කෝටි හාරසිය පනහක මුදලක් මේ වනවිට ලබාදී ඇතැයි සිදුකරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැ`දවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (03 දා) ස`දහන් කළේය. කාබනික ඝන පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රට පුරා ඇතැම් ගොවීන්ට යම් මුදලක් ලබාදී ඇතත් ගොවීන් පොහොර හැදුවාද එය ප්‍රමිතියෙන් යුතුව තිබෙනවාද යන්න සොයා බැලීම සහ අධීක්ෂණය කිරීමට නිසි යාන්ත්‍රණයක් කි‍්‍රයාත්මක කිරීමට රජය මේ වනවිටත් පියවර ගෙන නැති නිසා කාබනික පොහොර භාවිතය කරා යන ගමනේ මුඛ්‍ය අරමුණ සාක්ෂාත් කර ගැනීමට රජය අපොහොසත්ව ඇතැයි තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද ඒ මහතා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද කීවේය.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා කියන විදියට රුපියල් කෝටි 450 ක් ගොවියන්ට ලබාදීලා නැහැ. තැන්තැන්වල පොඩි පොඩි ගාණක් දීලා තියෙනවා. නිලධාරීන් සහ ඇමැතිවරුන් පාරම්බෑවාට මේ ලබාදෙන්නේ මහජන මුදල්. නමුත් පොහොර හදන්න කිව්වට කිසිම පසුවිපරමක් නැහැ. ගොවියාට කාබනික පොහොර සාදාගැනීම වෙනුවෙන් පුහුණුවක්, උපදේශයක් මේ අය ලබා දෙන්නේ නැහැ. මෙය මහජන මුදල් නිකරුණේ නාස්ති කිරීමක්. ගොවියාට කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍ය සොයාගැනීම, ප්‍රවාහනය ඇතුළු කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැයවෙනවා. මේ රජය ගොවියාට ඒ වෙනුවෙන් ලබාදෙන මුදල් ගෑවෙන්නත් මදි. ඒකයි අපි චෝදනා කරන්නේ කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගොවිතැනට යෑමේ රජයේ මුඛ්‍ය අරමුණ ලත් තැනම ලොප් කියලා.
සුජීව තත්සර