කාබනික වගාව යථාර්ථයක් කරමු

1523

කාබනික වගාව ගැන අප රට තුළ කතිකාවතක් එළැඹී තියෙන මේ අවස්ථාවේ බොහෝමයක් දෙනාට අවශ්‍ය වන දැනුම් ක‍්‍රමවේද සහ කාබනික වගාවක වත්පිළිවෙත් කුමන ආකාරයෙන් සිදුවන්නේද යන්න දැන ගැනීම ඉතාමත්ම කාලෝචිතය.

පළමුව අප දැනගගත යුතුව ඇත්තේ කාබනික වගාවක් යනු කුමක්ද සහ එහි ප‍්‍රමිතිකරණය යනු කුමක්ද යන්නය.

කාබනික කෘෂිකාර්මික ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ෂත්‍්ධඵ විසින් නිර්ණය කරන ආකාරයට;

‘‘කාබනික කෘෂිකර්මාන්තය යනු පස, පරිසර පද්ධති සහ මිනිසුන්ගේ සෞඛ්‍යය පවත්වා ගෙන යන නිෂ්පාදන පද්ධතියකි. එය අහිතකර බලපෑම් ඇති යෙදවුම් භාවිත කරනවාට වඩා පාරිසරික ක‍්‍රියාවලීන්, ජෛව විවිධත්වයන් සහ දේශීය තත්ත්වයන්ට අනුවර්තනය වූ චක‍්‍ර මත රඳා පවතී. කාබනික කෘෂිකර්මාන්තය සම්ප‍්‍රදායන්, නවෝත්පාදනයන් සහ විද්‍යාව එකට එකතු වී හවුල් පරිසරයට ප‍්‍රයෝජන ලබා දෙන අතර සාධාරණ සම්බන්ධතා ප‍්‍රවර්ධනය කිරීම හා සම්බන්ධ සියලූ දෙනාගේ යහපත් ජීවන තත්ත්වයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි.”

කාබනික වගාව යථාර්ථයක් කරමු

මෙය සරලව විස්තර කළහොත් යම්කිසි පරිසරයට සරිලන ආකාරයටට එම පරිසරයෙන් ලබා ගත් ජෛව පොහොර කාබනික කෘමි විකර්ශක කාබනික දිලීර නාශක සහ ක‍්‍රමවත් කෘෂිකාර්මික පිළිවෙත්, බෝග මාරුව, පරිසරය සහ මිනිසාට හිතකර ආකාරයට භාවිතා කිරීම යන්නෙන් අපට අදහසක් ලබාගත හැක ඒව වගේම මෙහි ඇති විශේෂ ගුණාංගය වන්නේ කිසිදු ආකාරයේ පරිසරයට හානි කරන රසායනික කාර්ක වලින් තොරව කරන කෘෂිකර්මාන්තය යන්නයි.

කාබනික වගාවන් සහතික කරන ක‍්‍රමවේදය නම් 100% කාබනික නිෂ්පාදන හෝ කාබනික අමුද්‍රව්‍ය යොදා කරන නිෂ්පාදනයයි.

මෙහිදී 100 % කාබනික අමුද්‍රව්‍ය යොදන්නේ නම් ඒත් සඳහා අනිවාර්යෙන්ම 95% ට උඩින් මෙම කාබනික අමුද්‍රව්‍ය භාවිතා කළ යුතුය එසේ නොමැති නම් කාබනික අමුද්‍රව්‍ය යොදා සකසන ලද නිෂ්පාදනයක් නම් එහි 70 % වක් අවම ප‍්‍රමාණයක් තිබිය යුතුය.

මෙම යාන්ත‍්‍රණය පුරුදු පුහුණු කිරීමට නම් අප සමාජය විසින් දියුණු තත්ත්වයන් මත මෙම කෘෂිකර්මාන්තය සකසා ගත යුතුය ඒ සකසා ගත යුතු වන්නේ ප‍්‍රමිතිකරණය දැනුම සහ විද්‍යාත්මක තාක්ෂණය යන ක‍්‍රමවේදයන් එකට භාවිතා කිරීමෙන් පමණක්ය.

කාබනික වගාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලිකම කරුණු පහත ආකාරයෙන් සලකා බලමු

  1. කාබනික පස

කාබනික පස් යනුවෙන් අදහස් කරනුයේ සම්ප‍්‍රදායික ක‍්‍රමයට සකසා ගත හැකි ක්ෂේත‍්‍රයක ස්වභාවික සංඝටකයන් අනූන වූ මතුපිට ස්ථරයක් භාවිතාවෙන් කරන වගාව; මෙය පසුගිය කාල වකවානුව තුළ සිදුවුණු රසායනික පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් කෙරුණු ක්ෂේත‍්‍ර කාබනික වගාව සඳහා සුදුසු නොවේ.

දැනට වාණිජමය ආකාරයට වගා කරන

ගොවිපළවල කාබනික ලෙස පරිවර්තනය කිරීමට අවශ්‍ය නම් එයට සුදුසු මාර්ග උපදේශන ලබාගත යුතුය.

  1. වල් පැළෑටි කළමනාකරණය සඳහා කාබනික පොහොර

වාණිජමය වගාවේ සහ කාබනික වගාව අතර ඇති පරස්පරය වන්නේ වල් පැළෑටි කළමනාකාරිත්වය, අපේ ගොවි මහතුන් පුරුදු වී ඇත්තේ රසායනික වල් නාශක මගින් ක්ෂේත‍්‍රයේ ඇති වල් පැළෑටි මර්දනය කිරීමටය. නමුත් මෙහි ඇති බලපෑම් සමාජය තුළ සිදුවන්නේ ක්ෂණිකව නොව කාලයත් සමඟය. බොහොමයක් වල් නාශකවල අඩංගු රසායනික සංඝටක සත්ත්ව ශරීරය සහ මනුෂ්‍ය ශරීරය තුළ අන්තර්ගත වීමෙන් අහිතකර ප‍්‍රතිඵල ලබා දිය හැකිය.

නමුත් කාබනික වගාවේදී අප මෙයට හාත්පසින් වෙනස් ක‍්‍රමවේදයක් භාවිත කරයි. එනම් බෝග මාරුව මගින් දිගින් දිගටම එකම ක්ෂේත‍්‍රයේ එකම බෝගය වෙනුවට වෙනත් බෝග ආදේශක හඳුන්වාදීම මගින් එම ක්ෂේත‍්‍රයේ ඇති වල් පැළෑටි වල ඝනත්වය සහ පැතිරීම නවතා ගත හැකියි. එමෙන්ම කාබනික වගාවේදී භාවිතා කරන පොහොර ප‍්‍රමිතියක් ඇතුව භාවිත කළහොත් වල් පැළෑටි ප‍්‍රචාරණය වීම නවතා ගත හැකිය. එමෙන්ම ක්ෂේත‍්‍රයේ භෝග සිටුවීමේදී ක්ෂේත‍්‍රයේ මැනවින් මතුපිට පුළුස්සා ගතහොත් අපට යම් තාක් දුරට වල් පැළෑටි මර්දනය කරගත හැකිය.

  1. කාබනික කෘමිනාශක

කාබනික කෘමිනාශක යන්නෙන් අදහස් කරන්නේ බෝග වගාවේදී භාවිත කරන කෘමි විකර්ශකයන්ටය. කාබනික වගාවකදී කෘමීන් පලවා හැරීමක් කරනවා මිස ඔවුන්ගේ ජීවන චක‍්‍ර යාන්ත‍්‍රණයට බාධා කිරීමෙන් හෝ සම්පූර්ණයෙන් මරණයට පත්කිරීමට නොහැකිය. නමුත් කාබනික කෘමි විකර්ශක මගින් ක්ෂේත‍්‍රයේ සිටින කෘමීන් පලවා හැරීමට සහ බෝගයට හානි නොකරන අන්දමින් කළමනාකරණය කරගත හැකිය.

කාබනික කෘමි නාශකවල වැදගත්කමක් වන්නේ ආසනික් වැනි රසායනික සංඝටක අන්තර්ගත නොවන කෘමි විකර්ශක භාවිතාවෙන් පරිසරයට සහ මානව සංහතියට සිදුවෙන බලපෑම් සම්පූර්ණයෙන් නතර කිරීමයි.

  1. ජානමය වෙනස්කම් නොමැත

සම්ප‍්‍රදායික අතීත ගොවිතැනේදී අපේ දේශීය බීජ ඉතාමත්ම වැදගත් සහ තිරසාර භාවයකින් පරම්පරා ගණනාවක් භාවිත කරයි. නමුත් වාණිජ ගොවිතැන ස්ථාපිත කිරීමෙන් පසුව විවිධ ආකාරයේ බීජ වර්ග අප වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලදී. මේ අතරින් ජාන වෙනස් කිරීම් වලින් සකසන හෙවත් ටැබැඑසජ්කකහ පදාසසෙැා කියන බීජ විශේෂ අද ලෝකෙ ඉහළම භාවිතාවක් ඇත. මෙයට හේතු වන්නේ මෙම බීජ නිෂ්පාදනය කර ඇත්තේ අතිශයින්ම ඉහළ අස්වැන්න ලබා ගැනීම සඳහා වන අතර එම වගාවන් ස්ථාපිත කිරීමට අධික රසායනික අමුද්‍රව්‍ය භාවිතය කිරීම අනිවාර්ය වේ. මෙම හේතුව සැලකිල්ලට ගෙන අප දේශීය බීජ හෝ දේශීය බීජ මුහුන් කර ලබාගන්නා හයිබි‍්‍රඞ් විශේෂවලට අපට යොමුවිය හැකි නම් කාබනික ගොවි ගොවිතැන් සාර්ථක කරගත හැක.

බොහොමයක් රටවල් ජානමය වෙනස්කම් සහිත බීජ කාබනික වගාවෙන් සම්පූර්ණයෙන්ම බැහැර කර ඇත.

  1. කාබනිකව පෝෂණය කළ පශු සම්පත්

පශු සම්පත් කළමනාකරණයේදී මෙම කාරණය ඉහත ආකාරයෙන්ම අනුමත කර හැක. පශු සම්පතට අවශ්‍ය විටමින් පෝෂ පදාර්ථ සහ මූලික සංඝටක සියල්ලම කාබනික ආහාර මඟින් ලබා දිය යුතුයි.

කාබනික වගාව යථාර්ථයක් කරමු

සුරංග එන්. පතිරණ
සාමාජික එක්සත් ජාතීන්ගේ විද්‍යා සංසදය, ජාතික සංවිධායක,
ගොවි උදාන ව්‍යාපාරය.

කාබනික වගාව යථාර්ථයක් කරමු

advertistmentadvertistment
advertistmentadvertistment