කාබුල් අධ්‍යාපන ආයතනයට කඩා වැදුණු බෝම්බකරු සිදුකළ පිපිරීමෙන්  සිසු සිසුවියෝ 100 ක් මියයති

256

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂයිට් ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු බෝම්බකරුවෙක් සිදුකළ පිපිරීමකදී සිසු සිසුවියන් 100 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ.

 මෙම සිසු සිසුවියන් විශ්වවිiාල ප්‍රවේශය සඳහා පැමිණ සිටි බව හෙළිවිය. අධ්‍යාපන ආයතනයට ආරක්‍ෂාව සලසන ලෙස බලධාරීන් තාලිබාන් පාලකයන්ගෙන් ඉල්ලා තිබුණත් ඒ ගැන සැලකීමක් දක්වා නැත. තාලිබාන් සංවිධානය එරට සිසුවියන් අධ්‍යාපනය ලැබීම ගැන නොසතුට පළකර තිබූ අතර ජාත්‍යන්තර බලපෑම නිසා ඒ සඳහා අවසරය දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment