කාබුල් නුවර ප‍්‍රහාරයෙන් මිය ගිය ගණන 85ට වැඩියි

187

ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට ඊයේ එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මේවන විට පුද්ගලයින් 85 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැඳිසිටි ගුවන්තොටුපොළ අසල හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


advertistmentadvertistment