තායිලන්තයේ පැවති කායවර්ධන ක්‍ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගි වන, I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ, කාන්තා ෆිෂික්ස් (Woman Physique) අංශය යටතේ තරග කර, එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනාගෙන රිදී පදක්කමක් හිමිකර ගත් තාරකා සඳරේණු පෙරේරා ක්‍රීඩිකාව 12/02 දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියාය.
මෙම තරගාවලිය 11/30 දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400ක ගේ පමණ සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.
රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සඳරේණු පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර, මෙම ජයග්‍රහණයත් සමග ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන “ඔලිම්පියා” ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ද හිමි වී තිබේ. තාරකා සඳරේණු පෙරේරා ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී, ජාතික ශූරිය බවට පත් වී සිටියාය.
තාරකා සඳරේණු 12/02 දින රාත්‍රී 10.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඇය පිළිගැනීම සඳහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
කටුනායක ටී. කේ. ජී. කපිල