එළඹෙන 20 – 20 ක‍්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරණ ධුරය මනුජ කාරියප්පෙරුම මහතා වෙත පැවරීමට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයේ සිට තාවකාලික පදනම මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කළ කාරියප්පෙරුම මහතා අනතුරුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සහ බංග්ලාදේශ සංචාරවලදී ද පසුගිය ඉන්දීය තරගාවලියේදී ද කළමනාකරු වශයෙන් කටයුතු කළේය.
මනුර කාරියප්පෙරුම මහතා ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ මෙහෙයුම් කළමනාකරු සහ උපදේශක වශයෙන් කටයුතු කරයි. පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මස 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වේ.
කුෂාන් සුබසිංහ
|