කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයක සුපිරි කඩඉමක් පනියි

186

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමට අනුව පළමු පන්තියේ තරග වදිමින් එම තරගයකදී පළමු ක්‍රීඩකයන් තිදෙනා අතරට පැමිණි මෙරට පළමු වැන්නා බවට මීටර් 400 කෙටි දුර ශූර කාලිංග කුමාරගේ ඊයේ (19 වැනිදා) පත් වූයේය.

“සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පැවති මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් කාලිංග කුමාරගේ එම දස්කම් දැක්වීය.

ජපානයේ ටෝකියෝ අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු එම තරගයේ කුමාරගේ සටහන් කළ කාලය තත්. 45.57 කි.

එකී ඉසව්වේ ප්‍රථම ස්ථානය තහවුරු කර ගැනීමට ජපානයේ කෙන්ටාරෝ සේටෝ සමත් වූයේ තත්. 45.21 ක තරග නිමි කාලයක් සටහන් කරමිනි. කෙන්ටාරෝ සේටෝ 06 වැනි මං තීරුවෙන් තරග බිමට එක්විණි.

මං තීරූ 09 කින් සැදුම්ලත් වූ කෘතීම ධාවන පථයේ 08 වැනි මං තීරුවෙන් තරග වදිමින් දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට කාලිංග කුමාරගේට හැකි වූයේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment