කාවන්තිස්සපුර දෙපිරිසක් අතර ආරවුලකින් 09 දෙනෙක් තුවාල ලබති

83

එක් අයෙකුගේ අතක් වෙන් වෙන්න කඩු පහරක් වැදිලා

තිස්සමහරාම කාවන්තිස්සපුර ප්‍රදේශයෙහි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිස්සමහරාම මූලික රෝහලට හා කතරගම ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට මාරුකර යවන ලද තුවාලකරුවන් අතර දෙනාගෙන් එක් අයෙකුගේ අතක් කඩු පහරකින් වෙන්වී ඇති බවට තිස්සමරාම පොලිසිය පැවසීය.

පැරණි ආරවුලක් මුල්කර ගෙන මෙම ගැටුම පසුගිය 15 දින ඇති වූ බවත් එහිදී එක් තුවාල කරුවකුගේ අතක මැණික් කටුව ආසන්නයෙන් වෙන් වී ඇති බවත් එම තුවාලකරුගේ වෙන්වූ අත ශල්‍යකර්මයක් මගින් යළි බද්ධ කිරිම සඳහා කරාපිටිය මහා රෝහලට යවා ඇති බවද පොලිසිය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම කාවන්තිස්සපුර පදිංචි කංකානම් පතිරණගේ ශානිකා සහ පිලදුව බෝගහවත්තගේ ඔෂානි වීරතුංගනි යන අය තිස්සමහරාම පොලිසියට පැමිණිලි කර තිබේ. තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.වයි. කුඩාගොඩ මහතාගේ මූලිකත්වයෙන් තිස්සමහරාම පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙහි පොලිස් නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.

බෙරවැව – ඒ.ඒ. පේමසිරි


advertistmentadvertistment