කාශ්මීරය ගැන 2010 දී කළ ප්‍රකාශයට අරුන්දතී රෝයිට නඩු

322

බුකර් සම්මානලාභී ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි 2010 වසරේ පැවති උත්සවයකදී කාශ්මීරය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇයට නඩු පැවරීමට ඉන්දීය බලධාරීහු සූදානම් වෙති.

දිල්ලියේ ආණ්ඩුකාර වී. කේ. සශේනා විසින් අරුන්දතී රෝයිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවසර ලබාදී තිබේ. කාශ්මීරය ඉන්දියාවෙන් වෙන් කිරීම වෙනුවෙන් දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ඇයට නඩු පැවරෙනු ඇත.

2010 දී ඇයගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස හෝ රටින් පිටව යන ලෙස හෝ ඉල්ලමින් භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ සාමාජිකාවෝ 150 ක් පමණ දිල්ලියේ පිහිටි රෝයිගේ නිවස වැටලූහ. 62 හැවිරිදි මෙම ඉන්දීය ලේඛිකාව අගමැති නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව ප්‍රබලව විවේචනය කරන චරිතයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment