කැටගොඩ යළි මැතිසබයට

93

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා ඊයේ (21 දා* කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. හිටපු මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා ජයන්ත කැටගොඩ මහතා පත්වූ අතර ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම සිය ධුරයේ දිව්රුම් දී මැතිසබයේ අසුන් ගත්තේය. ඒ මහතා මීට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් කටයුතු කළ අතර වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු පිවිසීම සඳහා පසුගිය ජුලි 06 දා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

මාස දෙකහමාරකට පසුව නැවතත් මන්ත‍්‍රී ධුරයට පත්වූ කැටගොඩ මහතා 2000 සහ 2001 වසරවල පැවති මහ මැතිවරණවලින් ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීමෙන් පසුවද එම පුරප්පාඩුවට හෙතෙම පාර්ලිමේන්තුවට පත්වී තිබේ. ඊයේ මන්ත‍්‍රී ධුරයෙහි දිවුරුම් දුන් ජයන්ත කැටගොඩ මහතා ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ ආසනයක අසුන් ගත්තේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment