කැතේ පැසිෆික් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

965

හොං කොං රාජ්‍යයේ ධජය සහිත කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ඒ 350 වර්ගයේ එයාර් බස් ගුවන් යානා 15ක එන්ජින් දෝෂ පවතින බව අනාවරණය වීම හේතුවෙන් එම ගුවන් සේවය විසින් අද (04) ගුවන්ගත කිරීමට නියමිතව ඇති ගුවන් යානා 20ක් අවලංගු කරන බව නිවේදනය කර තිබේ. මෙසේ අද දිනයේ අවලංගු කිරීමට යන ගුවන් ගමන් 20ත් සමග එන්ජින් දෝෂ හේතුවෙන් මෙම සතියේ මේ දක්වා කැතේ පැසිෆික් ගුවන් සේවය විසින් අවලංගු කර ඇති මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ යනු ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (03) නිවේදනයක් නිකුත් කර ඇති කැතේ පැසිෆික් ගුවන් සේවය පවසා ඇත්තේ අද දිනයේ අවලංගු කිරීමට යන ගුවන් ගමන් 20ට අමතරව අද දිනයේ වෙනත් රටවල සිට පැමිණීමට නියමිත ගුවන් යානා 10ක්ද අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි. කෙසේ වුවද අද දිනයේ අවලංගු කිරීමට නියමිත වෙනත් රටවල සිට පැමිණෙන ගුවන් යානා 10 කලාපීය ගුවන් ගමන් බවත් මෙසේ අවලංගු කෙරෙන ගුවන් ගමන් සිය ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කරන දිගුදුර ගුවන් ගමන් සඳහා බලනොපාන බවත් ගුවන් සේවය සඳහන් කර තිබේ.

මෙසේ අවලංගු කළ හා අවලංගු කිරීමට යන ගුවන් ගමන්වලට අදාළ ගුවන් යානාවල පවතින දෝෂ නිවැරදි කර මෙම සෙනසුරාදා වන විට සාමාන්‍ය පරිදි එම ගුවන් ගමන් ඇරඹීමට බලාපොරොත්තු වන බවද කැතේ පැසිෆික් ගුවන් සේවය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment