කැනඩාවේ ටීඑන්ඒ රැස්වීමට කොටි ආධාරකරුවන්ගෙන් බාධා – ඊළම හැර වෙන විසඳුම් එපා

338

* සිංහල දේශපේ‍්‍රමියකු බවට සුමන්තිරන්ටත් චෝදනා

ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව ප‍්‍රකාශ කරමින් පෙරේදා (20) කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවති දෙමළ සන්ධාන රැස්වීමකට කඩා පැන්න කොටි හිතවාදී ආධාරකරුවෝ එයට බාධා කළහ.

දෙමළ සන්ධානයේ කැනඩා ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන රැස්වීමක් පැවති ස්ථානයෙන් පිටත රැස් වූ විරෝධතාකරුවෝ ශාලාවට කඩා වැදී රැස්වීමේ කටයුතු කඩාකප්පල් කිරීමට පවා සමත් වූහ. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සහ දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාසමානික්කම් යන මහත්වරු මෙම රැස්වීම ඇමතූහ.

මෙම රැුස්වීම සංවිධානය කර තිබුණේ ශ‍්‍රී ලංකාවේ දෙමළ සුළුතරයට බලය බෙදාහරින දේශපාලන විසඳුමකට බල කිරීම සඳහා පවතින රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රයත්නයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහාය. එල්.ටී.ටී.ඊ. ධජ ඔසවමින් කොටි හිතවාදීන් රැුස්වීම් ශාලාවට කඩා වැදී සාකච්ඡුාව කඩාකප්පල් කිරීමෙන් පසු ටොරොන්ටෝ පොලිසිය එම ස්ථානයට කැඳවනු ලැබීය.

තමන්ට දේශපාලන විසඳුමක් අවශ්‍ය නොවන බව කියා සිටි කොටි ආධාරකරුවෝ දෙමළ ජාතික ප‍්‍රශ්නයට එකම විසඳුම දෙමළ ඊළාම් වෙනම රාජ්‍යයක් බව අවධාරණය කළහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් වෙත සිය කෝපය ප‍්‍රකාශ කරමින් කොටි හිතවාදීන් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශකයා ශ‍්‍රී ලංකාවේ සිංහල ජනතාව සමඟ ජීවත් වීමට කැමති ‘සිංහල දේශපේ‍්‍රමියකු’ බවට චෝදනා කරමින් බැනර් ප‍්‍රදර්ශනය කළහ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment