කැනඩාවේ පතලක සිරව සිටි සේවකයෝ 39 ක් ගොඩ එති

308

නැගෙනහිර කැනඩාවේ පොළවෙහි ගැඹුරින් පිහිටි පතලක සිර වූ පතල් සේවකයන් 39 දෙනකු නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ඒමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට දියත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් ඉරිදා (26දා) දිනයේ කැනඩාවේ ඔන්ටේරියෝ නගරයේ ‘සුඞ්බරි’ ප‍්‍රදේශයේ පිහිටි ‘ටොටන්’ පතලෙහි සේවය කරමින් සිටි මෙම සේවකයන් එහි සිර වී ඇත්තේ ඔවුන්ට පිටතට පැමිණීම සඳහා තිබූ සෝපානයට (ලිෆ්ට්) හානි පැමිණීම හේතුවෙනි. මෙම සේවක පිරිස පැය 35 කට වැඩි කාලයක් පතලෙහි සිර වී සිට ඇති අතර ඔවුනට ප‍්‍රමාණවත් ආහාර හා ජලය තිබීම නිසා කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව වාර්තා වී තිබේ.

 මෙම පතල් සේවකයන් ගොඩබිමට ගෙන ඒමේ පැය 10ක මෙහෙයුම පෙරේදා (27දා) ආරම්භ විය. ඔවුන්ව පතලෙන් ගොඩබිමට ගෙන ඒමේ මෙහෙයුම භාරව ක‍්‍රියා කරන ප‍්‍රධාන පතල් මුදා ගැනීමේ නිලධාරී ෂෝන් රයිඞ්අවුට් පවසා ඇත්තේ පතල් සේවකයන් සියලූ දෙනා නිරෝගීව සිටින අතර ඔවුන් සිය පවුලේ සාමාජිකයන් සමග දුරකථනය ඔස්සේ කථා බස් කිරීමටද කටයුතු කළ බවයි.

advertistmentadvertistment