කැනඩා අගමැතිගේ ජන සංහාර ප්‍රකාශය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා

193

ඇමැති අලි සබ්රි කැනඩා මහ කොමසාරිස්ට කියයි

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පැවති සමයේ ජනසංහාරයක් සිදුව ඇතැයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතා විසින් ඉකුත් 18 වැනිදා නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

ඉකුත් 19 දා මෙරට කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳව ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශයේ ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ධ්‍රැවීකරණයට ලක් විය හැකි බවත් විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment