කැනඩා යවනවා යැයි කියා තරුණයන් දෙදෙනාගේ රුපියල් කෝටියකට විද්ද කාන්තාව අතුරුදන්

63

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් යාපනයේ තරුණයන් දෙදෙනකුගෙන් රුපියල් කෝටියක් වංචා කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇය අතුරුදහන් වී ඇති බව යාපනයේ ඉලවාලී පොලිසිය ප්‍රකාශ කළේය.

යාපනයේ ඉලවාලෙයි බණ්ඩිතරිප්පූ හා මනිපායි සංගානෙයි යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඔවුන්ට කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් ඔවුන්ගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගත් බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී මේ අන්දමට මුදල් හා ඔවුන්ගේ ගමන් බලපත්‍ර එම කාන්තාව විසින් ලබා ගත් නමුත් මේ දක්වාම ඔවුන්ට රැකියාවන් ලබා නොදී ඔවුන්ව මග අරින බව තරුණයන් දෙදෙනා පොලිසියට පැමිණිලි කොට තිබේ. ලැබුණු පැමිණිලි මත පොලිසිය පරීක්ෂණ අරම්භ කොට ඇතත් අදාළ කාන්තාව පළාතෙන් අතුරුදන් වී ඇති බව පොලිසිය කළ විමර්ශන වලදී හෙළි වී තිබේ. මෙම කාන්තාව විසින් තවත් පුද්ගලයන් විශාල ිරිසකගෙන්

රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිවලට පැමිණිලි ලැබී නොමැත. යාපනය පොලිසිය හා ඉලවාලි පොලිසිය මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment