කැනඩා රජයට ශ්‍රී ලාංකිකයන්ගෙන් නඩුවක්… නඩුව ගොනු කරන්න රුපියල් කෝටි 57ක්!

3363

● ශ්‍රී ලංකාව වෙනුවෙන් කැනඩාවේ ඉහළම නීතිවේදීන් පස්දෙනෙක්

● නඩු තීන්දුව අගෝස්තු මස

කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු මැදපෙරදිග, බි්‍රතාන්‍යය, ඉතාලිය, ඔස්ටේ්‍රලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය යන රටවල දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ තමන් විවිධ දුෂ්කරතා මැද උපයන මුදල් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී කොටින්ගේ බොරු ප්‍රචාර හෙළි කිරීමට ක්‍රියාකළහ.

ඒ අතර දේශපාලන අරමුණුවලට යොමුවූ පිරිසක් ජිනීවා මානව හිමිකම් සමුළුව තම යහපතට යොදාගනු ලැබීය. එය සාර්ථක වූයේ ජිනීවා ගොස් හඬනැගූ තිදෙනකුට ඇමති ධුර හිමිවීම සහ එක් කාන්තාවකට ආණ්ඩුකාර ධුරයක් හිමි වීමයි. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? මේ කිසිවෙක් ජිනීවා ගැන හඬනගන්නේ නැත. ඔවුහු ජිනීවා අමතක කරනු ලැබීය. ඒ සමගම රජයද ජිනීවා ක්‍රියාදාමය එකවරම වෙනස් කළේය. එනම් තහනම් වූ කොටි ක්‍රියාකාරීන් 318 කගේ සහ සංවිධාන 42 කගේ තහනම අහෝසි කිරීමයි. එසේම අප මානවහිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර ක්‍රියාදාමයට එකඟවන්නෙමු යැයි රජය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ඉදිරියේ ලැජ්ජා නැතිව කියා සිටියේය.

මෙවර 50 වැනි ජිනීවා සමුළුවට ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පැමිණ සිටියේ නැත. එහෙත් ප්‍රංශ කොටි ඩයස්පෝරාවේ නායක මරියදාස් බොස්කෝ ඇතුළු කණ්ඩායම පැමිණ සිටියහ. රජය ඇදවැටී රටේ නායකයාද අරාජිකවීම නිසා ද්‍රවිඩ සන්ධානයේ ශ්‍රීධරන් මෙන්ම ගජෙන්ද්‍රකුමාර්, ආනන්දි සසිතරන් ඇතුළු පිරිසද ජිනීවා පැමිණියේ නැත. රජය එකවරම ජිනීවා පිළිවෙත වෙනස් කිරීම නිසා ජිනීවා දේශප්‍රේමී අරගලයද නතර විය.

මේ පිළිබඳව මැදපෙරදිග දේශප්‍රේමී ක්‍රියාකාරිකයකු වූ යසස් ධර්මදාස පැවසුවේ රජය කොටි ඩයස්පෝරාව සමඟ සම්බන්ධකම් පැවැත්වීමේ මෙහෙයුම ආරම්භ කර ඇති නිසා දේශප්‍රේමී ජනතාව දැඩි කෝපයට පත්වී ඇති බවයි. මේ පසුබිම මැද යුද අපරාධ චෝදනා ලත් හමුදා නිලධාරීන්ද ඉදිරියේදී ඔවුන් මුහුණපාන බරපතළ තත්ත්වය ගැන තැකීමක් නොකර සිටින බව තහවුරු වී ඇත. මෙවර ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව න්‍යාය පත්‍රයට ඇතුළත්වී නොතිබුණත් ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් ප්‍රකාශයට පත්වී ඇත. එසේ වුවත් ශ්‍රී ලංකාව ගැන බරපතළ තවත් යෝජනාවක් ඉදිරිපත් වන්නේ සැප්තැම්බර් මස ආරම්භ වන ජිනීවා 51 වැනි සමුළුවේදීය.

බි්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව, මොන්ටිනිග්රෝ, සහ මලාවි යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කරති. ජිනීවා ගිය මෙරට විදේශ ඇමැතිවරයා ජර්මනිය නියෝජනය කරන නියෝජ්‍ය තානාපති ග්‍රාන්ට් පීටර් ජුගල් මෙන්ම නෙදර්ලන්ත කාර්යභාර නිලධාරිනි නැටලි ඔලිජ්ස්ලාජර් සමගද සාකච්ඡා කළේය.

‘ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන මේ රටවල් වලටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. ශ්‍රී ලංකාවේ රජය ඒ ගැන කට ඇරියේ නැත. එහෙත් මෙයට වසර ගණනකට පෙර ජිනීවා හි ශ්‍රී ලාංකික තානාපතිවරයා එකී රටවල යුද අපරාධ කළ බවට චෝදනා එල්ල කර “නුඹලා එම යුද අපරාධ ගැන පරීක්‍ෂණ කරන්නේ නම් ශ්‍රී ලංකාවද පරීක්‍ෂණ කරන්නෙමු යැයි පැවසූ විට ශ්‍රී ලංකාවට එරෙහි ජර්මානු ජිනීවා යෝජනාව පරාජය විය.

එහෙත් අද එවැනි අභියෝගයක් සිදු නොවේ. මේ පසුබිම මැද තවදුරටත් කොටි ඩයස්පෝරාවට එරෙහිව සටන් වදින්නේ කැනඩාවේ ශ්‍රී ලංකා ක්‍රියාකාරී සමූහිකත්වයයි.

පසුගිය දිනෙක විජේ තනබාලසිංහම් නමැති කොටි හිතවාදී මන්ත්‍රීවරයා ද්‍රවිඩ ජනසංහාර යෝජනාවක් එරට ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සම්මතකර ගනිද්දී ශ්‍රී ලාංකික සාමූහිකත්වය රට අභියෝග කරමින් නීතිපති වෙත නඩුවක් ගොනු කළේය. ඊට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 57ක් වැයවිය. කැනඩාවේ සිටින ඉහළ පෙළේ නීතිවේදීහු පස්දෙනෙක් එම නඩුවට පෙනී සිටියහ.

මෙහිදී කරුණු දැක්වූ කැනඩා රජයේ නීතිවේදී කණ්ඩායම අපූරු තර්කයක් ඉදිරිපත් කරමින් 2015 මැයි 19දා කොටි සංවිධානය පරාජය වූ සිද්ධිය එම ද්‍රවිඩ සංහාර පනතට සම්බන්ධ නැතැයි කියා සිටියහ. එසේම එම දෙමළ ජනසංහාර යෝජනාව කැනඩාවේ සිටින දෙමළ ජනතාව දැනුවත් කිරීමේ අධ්‍යාපන යෝජනාවක් බවද එම නීතිවේදීහු පැවසූහ.

කැනඩා ඩොලර් 350,000ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 57ක් වැයකරමින් ගොනු කළ මේ නඩුව සඳහා ශ්‍රී ලංකා රජය හෝ එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සහය දැක්වූයේ නැත.

එසේ නම් කැනඩාවේ ශ්‍රී ලාංකික සංවිධානය මුදල් සොයාගත්තේ කෙසේද?

එහිදී මෙරට දේශප්‍රේමී ව්‍යාපාරිකයෙක් කැනඩාවේ ශ්‍රී ලාංකිකයන්ගේ පිහිටට පැමිණියේය. ඔහුගේ ආරක්‍ෂාව සඳහාත් කැනඩා තානාපති කාර්යාලයට තොරතුරු සපයන ඇතැම් ශ්‍රී ලාංකික ද්‍රෝහීන්ට එම ව්‍යාපාරිකයාගේ අනන්‍යතාවය හෙළිනොවනු සඳහාත් ඔහු කවුදැයි අපි හෙළි නොකරන්නෙමු. මේ හැර කැනඩා ශ්‍රී ලාංකික සංවිධානය නඩුවට මුදල් එකතු කිරීම සඳහා ආහාර පැකට් අලෙවි කිරීමටද ක්‍රියාකළහ.

එහෙත් මෙරට සිටින ශ්‍රී ලාංකිකයන් මේ බව දන්නේ නැත. 2022 සැප්තැම්බර් මස ආරම්භ වන 51 වැනි ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි බරපතළ යෝජනාවක් ගෙනඒමේ කෝර් ගෘප් සංසදයේ එක් රටක් වන්නේ කැනඩාවයි. මෙයට පෙරද කැනඩාව ජිනීවා යෝජනාවක් ගෙනඒමට උත්සාහ කළේය. 2009 ජුනි මස ජර්මනියද ඉන්පසු ඇමරිකාවද දැන් බි්‍රතාන්‍යයද ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා ගෙනඒමට ක්‍රියාකර ඇත.

එහෙත් අද වනතුරු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ තම විදේශ කටයුතු බලධාරීන් ලවා ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන රටවලට අභියෝග කිරීමට ක්‍රියානොකරයි. මෙය අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි.

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති රටවල් මෙසේය.

  1. බ්‍රිතාන්‍යය
  2. කැනඩාව
  3. නෙදර්ලන්තය
  4. ජර්මනිය
  5. මොන්ටිනිග්රෝ
  6. මැසිඩෝනියාව
  7. මලාවි
  8. ඇමරිකාව

එහෙත් විදේශ කටයුතු බලධාරීන් ජිනීවා ගොස් පවසන්නේ සංහිඳියා කටයුතු ඉටුකිරීමට රජය කැපවන බවයි. එසේම ශ්‍රී ලංකාවේ රජය යුරෝපා රටවල සිටින කොටි යුද අපරාධකරුවන් 200 කට අධික සංඛ්‍යාවකට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නැත. අඩු වශයෙන් ඇඩෙලා බාලසිංහම් නමැත්තියටද යුද අපරාධ චෝදනා එල්ල කිරීමට රජය ක්‍රියාකර නොමැත. ත්‍රිකුණාමලයේ කොටි හමුදා නායකයාව සිටි දයා මෝහන් අද ස්විස්ටර්ලන්තයේ සුරිච් නගරයේ වාසය කරයි. ස්විස්ටර්ලන්තය තුළ යුද අපරාධ කාර්යාලයක් ඇතත් දයා මෝහන්ට එරෙහිව පැමිණිල්ලක් කිරීමටද කිසිදු සිංහලයෙක් ඉදිරිපත් වී නැත. එසේම ස්විස් සිංහල ජනතාව දයා මෝහන් කවුදැයි කියා නොදනී.

කැනඩා රජයට ශ්‍රී ලාංකිකයන්ගෙන් නඩුවක්… නඩුව ගොනු කරන්න රුපියල් කෝටි 57ක්!

සේරුනුවර හා ත්‍රිකුණාමල ගම්මානවල අහිංසක සිංහල වැසියන් කපාකොටා ඝාතනය කිරීමේ බිහිසුණු අපරාධවලටද ඔහු සම්බන්ධ වූවේය. මොහුට දේශපාලන රැකවරණ පවා ලැබී ඇත. එහෙත් ස්විස් රජය නිහඬව සිටියි. මේ තත්ත්වය මත යුරෝපා රටවල සිටින කොටි යුද අපරාධකරුවන්ගේ අනන්‍යතාවයද හෙළිකිරීමටද එම රටවල් ක්‍රියාකර නැත. වරක් ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරදී දයාමෝහන්ව අපට දැකගත හැකිවිය. ඔහු ඇතුළු කොටි යුද අපරාධකරුවෝ ජිනීවා බර්න් ඕල්ටන්, ලුසාන් සහ සුරිච් නුවර සැපසේ වාසය කරති. ස්විස් රජය මේ යුද අපරාධකරුවන්ට මාසික දීමනාවක්ද ගෙවනු ලබයි. එසේම මෙම යුද අපරාධකරුවෝ අද ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාක්කිකරුවන් වී ඇත. ඔවුන්ව මෙහෙයවන්නේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළම නිලධාරිනියක් වූ යස්මින් සුකාය. ඇය මේ දක්වා කිසිදු යුද අපරාධකරුවකුට (කොටින්ට එරෙහිව) වාර්තා ගොනුකර නැත.

2009 සිට 2022 දක්වා කාලය තුළ විදේශ කටයුතු බලධාරීන් කොටි යුද අපරාධ ගැන කිසිදු වාර්තාවක් ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කළේ නැත.

හමුදා බලධාරීන්ද නිහඬව බලා සිටියේය. පොලිස් භටයන් 600ක් බිහිසුණු ලෙස ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියද යටපත් විය. මේ ගැන වහාම සාධාරණ පරීක්‍ෂණයක් කරන ලෙස විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඉල්ලා සිටි නමුත් ඒ ගැන සැලකීමක් දැක්වූයේ නැත. ගෝඨාභය රාජපක්‍ෂ රජයටද එම බිහිසුණු ඝාතනය අමතක විය.

එහෙත් කොටි නොකඩවා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කෙරුණි. 2009 මැයි 18 වැනිදා කොටි පරාජයවීමෙන් පසු හමුදා බලධාරීන් කොටි ඉවරයි, දැන් ප්‍රශ්නයක් නැතැයි සිතූහ.

එහෙත් 2009 සිට 2022 දක්වා කොටි ඩයස්පෝරාව බලවත් වූහ.

ජිනීවා මානව හිමිකම් සමුළුවලදී කොටි අතදිගහැර මුදල් වැය කළහ. මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන්ද සිය ග්‍රහණයට ගත්හ. එසේම යස්මින් සුකා නමැත්තියද තම මෙහෙයුම් වලට භාවිතා කළහ. 1971 කැරලිකරුවකු වූ සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි මල්ලි, රංජිත් ලොහබිලර්, කොටින්ගේ දේදුන්න පුවත්පත මෙහෙයවූ රෝහිත භාෂණ අබේවර්ධන ඇතුළු කණ්ඩායම සුකාගේ ආධාරකරුවන් බවට පත්වූහ.

ඒ අතර සිංහල ද්‍රෝහීන් කීපදෙනෙක්ද සාක්කි දීමට ඉදිරිපත් විය. ඔවුන් අතර හිටපු මේජර් ජනරාල්වරයකු ද විය. මොහු පිටු 100ක දිවුරුම් ප්‍රකාශයක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දුන්නේය. එහෙත් සරත් ෆොන්සේකා පමණක් අත්අඩංගුවට ගත් රජය එම හිටපු මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුගේ විශ්‍රාම වැටුප නතර කළේ නැත.

මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව ජයගෙන ඇත. ත්‍රස්තවාදී යුද්ධයට අරමුදල් සැපයූ සහ කොටින්ට සහයවූ 318ක් ශ්‍රී ලාංකා රජය නිදහස් කර ඇත.

එසේම මේ සතියේ දිනෙක ජර්මානු ඩසල්ඩෝප් අධිකරණය කොටින්ට අරමුදල් එකතු කර සිව්දෙනෙකුට වසර 1 සිට වසර 1 1/2 දක්වා සිරදඬුවම් ලබාදීමට ක්‍රියාකළේය.

ඒ වසර 13 කට පසුවය. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඔවුන්ව නිදහස් කරන ලෙස ජර්මානු රජයට පැවසුවේ නැත. එසේ වුවත් ශ්‍රී ලංකා රජය කොටි 22ක් පසුගියදා නිදහස් කරනු ලැබීය.

කැනඩා රජයට ශ්‍රී ලාංකිකයන්ගෙන් නඩුවක්… නඩුව ගොනු කරන්න රුපියල් කෝටි 57ක්!

මෙහිදී යුක්තිය ඉටුවූයේද? රටේ නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වන බව තහවුරු නොවන්නේද?

මෙම තත්ත්වය මත කැනඩාවේ පමණක් කොටි 8000ක් දේශපාලන රැකවරණ ලබා ඇතැයි ස්ටුවට් බෙල් නමැති කැනඩා මාධ්‍යවේදියා හෙළිකර ඇත. මොවුන්ගේ අනන්‍යතාව කැනඩා රජය අනාවරණය කර නැත.

මොවුන්ව කැනඩාවට යවා ඇත්තේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයයි. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කැනඩා රජයට එරෙහිව නඩුව මෙහෙය වන නීතිවේදී කණ්ඩායම මෙසේය.

ස්කොට් නියයාර්ලි

නිකුලස් රෞලියෝ

ජෝන් නයෝඩි

සල්මා කෙබිච්

මාගරිටා වොර්නිකා

මෙම නීතිවේදීන්ගේ තර්ක හමුවේ ඔන්ටාරියෝ නීතිපති පැවසුවේ දමිළ ජනසංහාර සතිය අධ්‍යාපනික හා උත්සවාකාර වැඩපිළිවෙළක් බවත් එය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමක් නොවන බවයි. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් තර්ක කළේ දමිළ ජනසංහාර සතිය යෝජනාවේ ෆෙඩරල් අපරාධ බලතල සහ ෆෙඩරල් විදේශ සබඳතා බලතල ඇති බවයි.

එසේ වුවත් රජයේ නීතිවේදීන් සඳහන් කළේ ඔන්ටාරියෝ රජය සංහාර යෝජනාව පිළිගන්නේ නැති බවයි. එසේ වුවත් ඔන්ටාරියෝ නීතිපතිවරයා කළේ රැවටීමකි.

එහෙත් කැනඩාවේ ශ්‍රී ලාංකික සංවිධානය දිවුරුම් පෙත්සම් පහක් අධිකරණයට යොමු කරමින්ද විලියම් ෂෙබාස් සහ ජෙරල්ඩ් පීරිස් නමැති විද්වතුන් ඉදිරිපත් කළ විශේෂඥ තර්කද අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමටද ක්‍රියාකළහ.

මෙම නඩුව සඳහා වැයවන මුළු මුදල ඩොලර් 350,000 කට අධිකය. කැනඩා දේශප්‍රේමී ප්‍රජාව මේ වනවිට ඩොලර් 150,000ක් එකතුකර දී ඇත. මෙකී නඩුවේ තීන්දුව 2022 වසරේ මැද භාගයේදී ප්‍රකාශ වීමට නියමිතය. මේ වනවිට කොටි හිතවාදී සංවිධාන හතරක් වෙනුවෙන් පෙනී සිටි ද්‍රවිඩ නීතිවේදීන් දෙදෙනෙක් ශ්‍රී ලංකා සංවිධානය පැවරූ නඩුවට පෙනී සිටීමට අවසර ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා කැනඩා ක්‍රියාකාරී සාමූහිකත්වය වෙනුවෙන් සේන මුණසිංහ සහ අනුර ෆර්ඩිනැන්ඩ් මෙම නඩුව ගොනුකර තිබේ.

කැනඩාවේ කේම්බි්‍රජ් නීති සමාගම මෙහෙයවන මෙම නඩුව වෙනුවෙන් කැනඩා රජයේ නීතිවේදීන්වූ රොබින් බාසු සහ රවි අමරනාත් දමිළ සංහාර යෝජනාවට බොරු තර්ක ඉදිරිපත් කර ඇත.

කැනඩා රජයට ශ්‍රී ලාංකිකයන්ගෙන් නඩුවක්… නඩුව ගොනු කරන්න රුපියල් කෝටි 57ක්!

මේ අතර කැනඩාවේ ප්‍රසිද්ධ උiානයක දමිළ සංහාර ස්මාරකයක් ඉදිකිරීම සඳහා ක්‍රියාකරන බව හෙළිවී ඇත.

ඊට මුල්වී ඇත්තේ කොටි හිතවාදී කැනඩා මන්ත්‍රී පැට්රික් බ්‍රවුන්ය.

තමා කැනඩාවේ අගමැති වුවොත් කොටි තහනම ඉවත්කරන බව බ්‍රවුන් ප්‍රකාශ කර ඇත.

කැනඩාව තුළ කොටි ක්‍රියාකාරකම් පෙරට වඩා වර්ධනය වී ඇති අතර ජස්ටින් ටෘඩෝ ඒ සඳහා සහය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment