කැනඩා සිහින මවා ඉන්දියාවේ අතරමං කළ ශ්‍රී ලාංකිකයෝ 38ක් උපවාසයක

179

විදේශ රැකියා නියෝජිතයින් පිරිසක් විසින් කැනඩාවට යවන බව පවසා ඉන්දියාවේදී අතරමං කළ ශ්‍රී ලාංකික දෙමළ වැසියන් 38 දෙනෙකු ඔවුන්ව වහාම තම රටට යවන ලෙස ඉල්ලමින් ඉන්දියාවේ රැ`ඳවුම් කඳවුරකදී උපවාසයක් ආරම්භ කොට තිබේ.ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මේ පිරිස උපවාසය ආරම්භ කොට තිබේ. රැකියා නියෝජිතයින් මේ පිරිස කැනඩාවට රැගෙන යන බව පවසා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මංගලෝර් ප්‍රදේශයේ අතරමං කොට පළා යාමෙන් පසුව පොලිසිය විසින් මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලාංකිකයින් 38 දෙනා මංගලෝර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රැඳවුම් කදවුරක රදවා තබන ලෙස අධිකරණය නියෝග කොට තිබේ. ඔවුන් කියා සිටින්නේ වහාම ඔවුන්ව ශ්‍රී ලංකාවට එවීමට කටයුතු යොදන ලෙසයි. රැකියා ඒජන්සිකරුවන් විසින් තමන් සතුව තිබූ මුදල් හා ගමන් බලපත්‍ර ඇතුලු‍ සියලු‍ දේ ලබාගෙන තිබීම නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති බවද උපවාසකරුවෝ පැවසූහ. කර්ණාටක ප්‍රාන්තයේ පළාත් පාලන නිලධාරින් පිරිසක් උපවාසය ආරම්භ කොට ඇති මංගලෝර් රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගොස් උපවාස කරුවන් සමග සාකච්ඡා කොට ඇතත් එම උපවාසය මෙතෙක් නතර කොට නොමැත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment