කැබිතිගොල්ලෑව රෝහලේ විශේෂඥ වෛද්‍ය තිනේෂ් කුමාර්ගේ ස්ථාන මාරුවට එරෙහිව මහ සඟරුවන සමග ප‍්‍රදේශවාසීහු පාරට බසිති

487

මෙරට ඉතිහාසයේ වෛද්‍යවරයෙකුට ලබා දුන් අසාධාරණම ස්ථාන මාරුව කැබිතිගොල්ලෑව මූලික රෝහලේ සේවය කළ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිනේෂ් කුමාර් මහතා හට ලබා දී ඇති බව කැබිතිගොල්ලෑව බුද්ධ ශාසන ආරක්ෂන බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය හම්මිල්ලෑවේ ධම්මතිලක හිමියෝ පවසති.

 පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි කායික රෝග විශේෂඥ වෛද්‍ය තිනේෂ් කුමාර මහතා හට ස්ථාන මාරුව වසර දෙකකට ආසන්න සේවා කාලයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. එම සිදුවීමත් සමග කැබිතිගොල්ලෑව ජනතාව සහ විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් මෙම වෛද්‍යවරයාට ලබාදී ඇති ස්ථාන මාරුවීමට විරුද්ධව පෙළ ගැසෙමින් ඊයේ (26* දින කැබිතිගොල්ලෑව නගරයේදී විරෝධතාවලියක යෙදිමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිතිගොල්ලෑව බුද්ධ ශාසන ආරක්ෂන බල මණ්ඩලයේ ලේකම් පූජ්‍ය හම්මිල්ලෑවේ ධම්මතිලක හිමි එසේ පැවැසූහ. එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින්, කැබිතිගොල්ලෑව බුද්ධ ශාසන ආරක්ෂන බල මණ්ඩලයේ සභාපති විහාර හම්මිල්ලෑවේ පූජ්‍ය ධම්මතිලක ස්වාමීන් වහන්සේ, කැබිතිගොල්ලෑව ශාසන ආරක්ෂන බල මණ්ඩලයේ මහ සංඝරත්නය වශයෙන් අපි මාධ්‍ය ඉදිරිපිටට ආවේ ප‍්‍රදේශයේ ජනතාවට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදී මහත් සේවාවක් ලබා දුන් වෛද්‍ය ආචාර්යවරයෙකු වන කායික රෝග විශේෂඥ වෛද්‍ය තිනේෂ් කුමාර මහතාගේ අක‍්‍රමික ස්ථාන මාරුව පිළිබඳ රටට, බලධාරින්ට කියන්නයි. මෙම අසාධාරණ ස්ථාන මාරුව දේශපාලනමය පැතිකඩකින්, නැත්නම් වෙනත් ක‍්‍රමවේදයකින් මේ දේ සිදු වුණාද යන්න කියන දේ පිළිබඳ අපටත් ගැටළුවක් තියෙනවා. අපි සියලූ දෙනා බලධාරීන් සියලූ දෙනාගෙන්ම ලිඛිතව ඉල්ලීමක් කළේ මෙම වෛද්‍යවරයා මාරු නොකරන ලෙසයි. නමුත් බලධාරීන් එම වෛද්‍ය වරයා මෙම ස්ථානයෙන් බැහැර කරලා හමාරයි අපගේ ඉල්ලීමට ඇහුම්කම් නොදී. ඒ නිසා අපි මහා සංඝරත්නය වශයෙන් ප‍්‍රදේශයේ ජනතාවගේ හ” තමයි අවදි කරන්නේ මේ. අපි වහාම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වෙද්‍ය වරයා අපේ රෝහලට නැවත ලබා දෙන ලෙසයි. සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ඉන්න ප‍්‍රදේශයේ සෞඛ්‍යට වෙලා තියෙන මෙවැනි තත්ත්වය පිළිබඳ දැන් අපි කණගාටු වෙනවා.

කැබිතිගොල්ලෑව රෝහලේ විශේෂඥ වෛද්‍ය තිනේෂ් කුමාර්ගේ ස්ථාන මාරුවට එරෙහිව මහ සඟරුවන සමග ප‍්‍රදේශවාසීහු පාරට බසිති
කැබිතිගොල්ලෑව රෝහලේ විශේෂඥ වෛද්‍ය තිනේෂ් කුමාර්ගේ ස්ථාන මාරුවට එරෙහිව මහ සඟරුවන සමග ප‍්‍රදේශවාසීහු පාරට බසිති

කැබිතිගොල්ලෑව ශාසන බලමණ්ඩලයේ ලේඛාධිකාරි කලවැදිඋල්පත පිය සෝභන නායක ස්වාමීන් වහන්සේ,

 ප‍්‍රදේශයේ ජනතාවගේ හදගැස්ම ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒකයි ජනතාව වෙනුවෙන් අපි මේ මාධ්‍ය ඉදිරිපිට හිට ගත්තේ. අපිට ජාතිබේද, කුලබේද නෑ. එතුමා දෙමළ ජාතිකයෙක්. මේ ප‍්‍රදේශයට සේවාවක් කළ හොඳ වෛද්‍යවරයෙක්. සෞඛ්‍ය බලධාරීන්ගෙන් අපි නැවත ඉල්ලන්නේ මේ ප‍්‍රශ්නය පිළිබඳව නැවත අවධානය යොමු කරලා ස්ථාන මාරුව අවලංගු කරලා මෙම වෛද්‍ය වරයා අපිට ලබා දෙන්න කියලයි.

 කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය සභාවේ සභාපති මංජුල ටිකිරි බණ්ඩාර මහතා,

 මේ කොවිඞ් වසංගත තත්ත්වය මොහොතේ මේ ස්ථාන මාරුව ලබාදීම පිළිබඳ අපි කණගාටු වෙනවා. ජනතාව සතුටුවෙලා ඉන්නවා මේ වෛද්‍යවරයාගේ සේවාව ගැන. අපි ඒකයි ජනාධිපතිතුමන් ඇතුළු සියලූ‍ සෞඛ්‍ය බලධාරීන් දැණුවත් කරන්නේ මේ මාධ්‍ය තුළින්. මේ තුන්කොට්ටු කෝරලේ සභාපති ලෙසත්, ජනතාව කියන තැන සිට තමයි මෙම වෛද්‍යවරයා නැවත රෝහලට ගෙන දෙන්න කියන එක මේ ප‍්‍රදේශයේ සෞඛ්‍ය ඇමැතිතුමාගේ සිට සියලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ ස්ථාන මාරුව අසාධාරණ ස්ථාන මාරුවක්.

 අප මෙම අක‍්‍රමික ස්ථාන පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය වෛද්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බංඩාර මහතා දැක්වූ අදහස්්,

 පළාත් සෞඛ්‍ය වෛද්‍ය සේවා අධ්‍යක්ෂක වශයෙන් වගකීමෙන් ප‍්‍රකාශ කරනවා මෙම ස්ථාන මාරුව අප ලබා දුන් එකක් නොවන බව. මෙම වෛද්‍යවරයා පිළිබඳ වසර 10 කට ආසන්න කාලයක සිට පරිපාලනය පිළිබඳ ඇඟිලි ගැසීම් සම්බන්ධව කාර්ය මණ්ඩලය විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ තීරණයක් මත සිදු වන විමර්ශන කටයුත්තක් මතයි තාවකාලිකව මෙම ස්ථාන මාරුව ලබා දී ඇත්තේ. ඒ සඳහා විමර්ශන කටයුතු කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

 මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment