ඉන්දීය ජන ඖෂධ ව්‍යාපාරය ආයතනයෙන් ඖෂධ මිලදී ගැනීමට තවම අවබෝධතා ගිවිසුම් අත්සන් කර නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඖෂධ ගැනීමට දැනට කැබිනට් අනුමැතිය පමණක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ රජයේ රෝහල් සඳහා සැපයීමට ඖෂධ සමාගම් ලියාපදිංචි වී සිටියද අත්‍යවශ්‍ය ඖෂධ 37ක් සැපයීම සඳහා කිසිදු ඖෂධ සමාගමක් ලියාපදිංචි වී නැතැයි ද සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.
එම ඖෂධ මිලදී ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වන ඉන්දීය සමාගම් වෙත අදාළ සැපයීමට අනුමැතිය දෙන බවද ඔහු සඳහන් කරයි.
එසේ නොමැතිව ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා කිසිදු අවසරයක් ලබාදී නැතැයි ද ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ඉන්දියාව හරහා මිලදී ගත හැකි නම් එය සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
උපාලි ද සේරම්