කැබිනට් කමිටුවක් පිහිටුවන්නැයි රනිල් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක්වීමටයි

136

කොවිඞ් මර්දන කමිටුව විසුරුවා හැර කැබිනට් මණ්ඩලයේ මාර්ගයෙන් කමිටුවක් පිහිටුවන ලෙස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමට ලක්වන නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (10දා) පැවසීය.

 ලෝකයේ අනිත් රටවල් වැඩ කරන ලෙස ලංකාවත් වැඩ කළ යුතු යැයි ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසීය. හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

 අපි විවේචන පමණක් නොවෙයි කරන්නේ. මේ සඳහා යෝජනා රජය භාර ගන්නවා නම් ඒවට උපදෙස් අපිට කියන්න පුළුවන්. අපි මුලදිම කිව්වා ලෙඞ්ඩු බය කරන්න එපා කියලා. මෝටර් සයිකල්වලින් ගම් වටේ කට්ටිය ඇවිල්ලා හරියට ත‍්‍රස්තවාදීන් අල්ලන්න වගේ රෝගීන් අල්ලන්න කටයුතු කළා. රෝගීන්ගේ අනන්‍යතාව විනාශ කළා. රෝගීන්ට මානසික බිය පැතිරෙව්වා. මිනිස්සු බය වුණා. රෝගියෙකුට බය ඇති කරනවා කියන්නෙ පාප කර්මයක්. මේ තැනට තමයි රට තල්ලූ කරල තියෙන්නේ. දැන්වත් මේකෙන් නිවැරදි වෙන්න කියලා බලධාරීන්ට මතක් කරනවා.

චමින්ද සිල්වා


advertistmentadvertistment