කැබිනට් පත‍්‍රිකාව හොඳනම් ගුරුවරු විභාග වැඩවල – ජෝෂප් ස්ටාලිං කියයි

211

ගුරු විදුහල්පති විෂමතා ඉවත් කිරීම ඇතුළු මූලික ඉල්ලීම් තුනට අද (26දා) ඉදිරිපත් කරන කැබිනට් පති‍්‍රකාවෙන් සාධාරණයක් ඉටුවුවහොත් විභාගයට ඉදිරිපත් වී සිටින සාමාන්‍ය පෙළ (2020) සිසුන්ගේ ප‍්‍රායෝගික පරීක්‍ෂණ සඳහා ගුරුවරුන් සහභාගි කරවීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවැසීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල පනත ඉවත්කර ගැනීම සහ වෘත්තීය සමිති මර්දනය නවතන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30 ක පිරිස ඔන්ලයින් ඉගැන්වීම්වලින් පවා ඉවත්වී සිටින බවත් ස්ටාලිං මහතා කීය.

මෙම ඉල්ලීම්වලට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (26දා) කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් හෙට (27දා) පෙරවරුවේ අධ්‍යාපන ඇමැතිවරයා සමඟ එම අමාත්‍යාංශයේදී වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡුා කරන බවද හෙතෙම කීය. එහිදී යම් සාධනීය පිළිතුරක් ඇමැතිවරයාගෙන් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඉන් අනතුරුව ගුරුවරුන් ප‍්‍රායෝගික පරීක්‍ෂණ සඳහා සහය ලබාදීම කෙරෙහි අවධානය යොමුකළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා – ප‍්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment