කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වේ

642

සර්ව පාක්ෂික රජයක් ඇතිකර ගැනීමට එකඟත්වයක් ඇති වූ වහාම  සිය අමාත්‍ය තනතුරු වලින් ඉල්ලා අස්වී නව රජයට වගකීම් පැවරීමට අද (11) රැස් වූ ඇමතිවරු  එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා  අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වන ලදී.

එම සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට තමන් සූදානම් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment