කැලණිතිස්ස ඩීසල් බලාගාරයත් නවතී: අද පැය 12 ක් විදුලිය කැපේ  

155

කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ පිහිටි මෙගාවොට් 165 කින් යුත් ඞීසල් බලාගාරය ඊයේ (31 දා) රාති‍්‍ර නතරවී තිබීමත් සමග අද (01 දා) දිනයේ පැය 12කට අධික කාලයක් විදුලිය කපාහැරීමට සිදුවන බව විදුලිබල ඉංජිනේරුවෝ කියා සිටිති.

ඇතැම් විට එම කාලසීමාවටත් වඩා වැඩි කාලයක් විදුලිය කපාහැරීමේ තත්ත්වයක් මතුවනු ඇති බව ද ඔවූහු සඳහන් කළහ.

ඞීසල්, නැප්තා හා දැවිතෙල් බලාගාර සියල්ලම පාහේ ඉන්ධන නොමැතිව ඊයේ වනවිට නතරව තිබූ අතර මේ නිසා මෙගාවොට් 1000 ක පමණ හිඟයක් මතුව තිබිණි. කෙසේ වෙතත් තාප විදුලි බලාගාර සඳහා ඉන්දියන් තෙල් සමාගම ඞීසල් ලබාදීමට පියවර ගතහොත් විදුලිය කැපීමේ කාලසීමාව වෙනස් විය හැකි නමුත් පුවත්පත මුද්‍රණයට යන විටත් එම සමාගම විදුලිබල මණ්ඩලයට ඞීසල් ලබාදී නොතිබිණි. විදුලිබල මණ්ඩලය පවතින විදුලි ඉල්ලූම හා සැපයුම් දත්ත ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබුණු අතර ඒ ඒ කලාපවලට විදුලිය කපාහරින කාලසීමාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment