කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සංජනනී වැඩසටහනේ 18වන සංජනනී සමාරම්භක උළෙල 5 වැනිදා සවස කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ ශාලාවේදී පවත්වන ලදී.
සංජනනී වැඩසටහනින් 2025 වසරේ හරසර සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකාවට රූපවාහිනි මාධ්‍ය කලාව තුළින් මහඟු මෙහෙවරක් ඉටුකළ ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාවේ නිර්මාතෘ ශාන් වික්‍රමසිංහ මහතාට එම සම්මානය පිරිනැමීම කැලණි විශ්වවිද්‍යාලයේ උප කුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ සුරතින් සිදුකරන ලදී.
ජනසන්නිවේදන ක්ෂේත්‍රය සොදුරු මාවතකට රැගෙන යමින් ලාංකීය ජනතාවට රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දුන් ශාන් වික්‍රමසිංහ මහතා මේ වනවිට අසූහැවිරිදි වියේ පසුවන අතර එතුමා රට වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය අගය කරමින් ශාන් වික්‍රමසිංහ මහතා වෙත මෙම උපහාර සම්මානය පිරිනමන ලදී.
කැලණි විශ්වවිද්‍යාලයේ උප කුලපතිනී මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ සුරතින් ශාන් වික්‍රමසිංහ මහතා වෙත හරසර සම්මානය පිරිනැමූ අයුරු සේයාරුවේ දිස්වේ.
කැලණිය – මංගලා මදුරප්පෙරුම