කෑගල්ල පාරේ බස් අනතුරින් 18කට තුවාල

83

අවිස්සාවේල්ල, කෑගල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේ දී මෙම මස 18 වන දින සවස සිදු වූ බස් රථ අනතුරකින් 18 දෙනකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව පිංදෙණිය පොලිසිය පවසයි. තුවාල කරුවන්ගෙන් බහුතරයක් දෙනා මේ වන විට තුවාල සඳහා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවිස්සාවේල්ලේ සිට මහනුවර දෙසට හා කෑගල්ලේ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය කළ පුද්ගලික බස් රථ දෙකකි. අවිස්සාවේල්ල මහනුවර බස් රථයේ රියැදුරු අවිස්සාවේල්ල පොලිස් අත්අඩංගුව යටතේ කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර කෑගල්ල අවිස්සාවේල්ල බස් රථයේ රියැදුරු කෑගල්ල පොලිස් අත්අඩංගුව යටතේ කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. අනතුර පිළිබඳව පිංදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය


advertistmentadvertistment