‘කෑගලූ මහා රන් සටන’ හෙට සහ අනිද්දා

181

 ශාන්ත මරියා විද්‍යාල කණ්ඩායම

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සහ කෑගලූ විද්‍යාලය අතර 40 වැනි වරටත් කි‍්‍රයාත්මක වන ‘කෑගලූ මහ රන් සටන’ කි‍්‍රකට් තරගය හෙට සහ අනිද්දා දෙදින (25 වැනිදා සහ 26 වැනිදා* කෑගල්ල මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘කෑගලූ මහා රන් සටන’ හෙට සහ අනිද්දා
කෑගලූ විද්‍යාල කණ්ඩායම

1963 වසරේදී එක්දින කි‍්‍රකට් තරගයක් ලෙසින් ආරම්භ වූ මෙම තරගය පසුකාලීනව දෙදින කි‍්‍රකට් තරගයක් ලෙසින් වසර 40ක් පුරා අඛණ්ඩව පවත්වා තිබේ. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වන සීමිත පන්දුවාර එක්දින තරගය ලබන අපේ‍්‍රල් මස 02 වැනිදා පැවැත්වීමට මේ වනවිට කටයුතු යොදා තිබේ.

 කෑගලූ මහ රන් සටනේදී වැඩි තරග ගණනක් ජය ගැනීමට ශාන්ත මරියා විදුහල් කණ්ඩායම සමත්වී ඇති අතර ඉතිරි තරග සියල්ල විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

 ශාන්ත මරියා විදුහල් කණ්ඩායම මලීෂ සේනානායක විසින් මෙහෙවනු ලබන අතර කුෂාන් භානුක උප නායකයා ලෙසින් කටයුතු කරනු ලබයි. කෑගලූ විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙසින් අචින්ත සිරිවර්ධන කටයුතු කරන අතර එම්. ආර්. වී. එස්. දිසානයක උපනායක ලෙසින් කටයුතු කරනු ලබයි.




 

advertistmentadvertistment
advertistmentadvertistment